ප්‍රංශ අගමැති මිචෙල් බාර්නියර්ගේ මධ්‍යවාදී සුළුතර ආණ්ඩුව විශ්වාසභංගයෙන් බිඳ වැටේ

Date:

සටහන: සශිකලා මධුෂාණි
දෙසැම්බර් 05; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) :

ප්‍රංශයේ අගමැති මිචෙල් බාර්නියර්ගේ සුළුතර ආණ්ඩුවට එරෙහිව වාමාංශික සන්ධානයක් වන New Popular Front (NFP) හා අන්ත දක්ෂිනාංශික ජාතික රැලිය (RN) එක්ව ඊයේ(04) දිනයේදී ගෙන එන ලද විශ්වාසභංගය ජයග්‍රහණය කිරීමත් සමඟ අගමැති මිචෙල් බාර්නියර් ඉල්ලා ඇස වීමට නියමිත බව වාර්තා වේ.

ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් විසින් අගමැති මිචෙල් බාර්නියර් බහුතර විපක්ෂයේ විරෝධතාවයන් මධ්‍යයේ අගමැති ධුරයට පත් කරන ලද අතර ඔහු විසින් පසුගියදා මතභේදාත්මක ලෙස විශේෂ බලතල භාවිතා කරමින් ඔහුගේ 2025 අයවැය ඡන්ද විමසීමකින් තොරව බලකිරීමෙන් පසුව විරුද්ධ පක්ෂ මෙම යෝජනාව ඉදිරිපත් කර තිබුණි.

මෙම අවස්ථාව 1962 න් පසු විශ්වාසභංගයකින් පසු රටේ රජය බිඳවැටුණු පළමු අවස්ථාව සනිටුහන් කරන අතර ප්‍රංශයේ ආසන 577කින් යුත් පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ මුළු ව්‍යවස්ථාදායකයන් 331ක් ම ඊයේ දිනයේදී 73 හැවිරිදි බාර්නියර්ගේ මධ්‍යවාදී සුළුතර ආණ්ඩුව එලවා දැමීමට ජන්දය භාවිතා කර තිබිණි.

කෙසේ නමුත්, මැක්‍රොන් අනුප්‍රාප්තිකයෙකු තෝරා ගන්නා අතර ඔහු භාරකාර අගමැති ලෙස රැඳී සිටීමට ඉඩ තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තාමත් ගම්වල බලය තියෙන්නේ ප්‍රභූ පන්තිය අතේ. ජනතාවට බලය දෙන්නයි අපි ප්‍රජා ශක්ති ගේන්නේ – ඇමති ලාල්

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයේ රජය විසින් "ප්‍රජා...

ආසියානු රයිෆල් සහ පිස්තෝල වලදී, ලාංකේය ඉලක්ක රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් මත පතිත වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ඉන්දියාවේ නවදිල්ලි නුවර 2026...

වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 12) දිනයේදී මධ්‍යම, ඌව,...

ජනපතියි අපියි මේ රට නිසැකවම ලෝකයේ බලවත්ම රාජ්‍යයක් කරනවා. T20 සිද්ධියෙනුත් පෙනුනේ ඒකයි – මන්ත්‍රී ලාල්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු වත්මන් ආණ්ඩුව විසින්...