ප්‍රංශ අගමැති මිචෙල් බාර්නියර්ගේ මධ්‍යවාදී සුළුතර ආණ්ඩුව විශ්වාසභංගයෙන් බිඳ වැටේ

Date:

සටහන: සශිකලා මධුෂාණි
දෙසැම්බර් 05; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) :

ප්‍රංශයේ අගමැති මිචෙල් බාර්නියර්ගේ සුළුතර ආණ්ඩුවට එරෙහිව වාමාංශික සන්ධානයක් වන New Popular Front (NFP) හා අන්ත දක්ෂිනාංශික ජාතික රැලිය (RN) එක්ව ඊයේ(04) දිනයේදී ගෙන එන ලද විශ්වාසභංගය ජයග්‍රහණය කිරීමත් සමඟ අගමැති මිචෙල් බාර්නියර් ඉල්ලා ඇස වීමට නියමිත බව වාර්තා වේ.

ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් විසින් අගමැති මිචෙල් බාර්නියර් බහුතර විපක්ෂයේ විරෝධතාවයන් මධ්‍යයේ අගමැති ධුරයට පත් කරන ලද අතර ඔහු විසින් පසුගියදා මතභේදාත්මක ලෙස විශේෂ බලතල භාවිතා කරමින් ඔහුගේ 2025 අයවැය ඡන්ද විමසීමකින් තොරව බලකිරීමෙන් පසුව විරුද්ධ පක්ෂ මෙම යෝජනාව ඉදිරිපත් කර තිබුණි.

මෙම අවස්ථාව 1962 න් පසු විශ්වාසභංගයකින් පසු රටේ රජය බිඳවැටුණු පළමු අවස්ථාව සනිටුහන් කරන අතර ප්‍රංශයේ ආසන 577කින් යුත් පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ මුළු ව්‍යවස්ථාදායකයන් 331ක් ම ඊයේ දිනයේදී 73 හැවිරිදි බාර්නියර්ගේ මධ්‍යවාදී සුළුතර ආණ්ඩුව එලවා දැමීමට ජන්දය භාවිතා කර තිබිණි.

කෙසේ නමුත්, මැක්‍රොන් අනුප්‍රාප්තිකයෙකු තෝරා ගන්නා අතර ඔහු භාරකාර අගමැති ලෙස රැඳී සිටීමට ඉඩ තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලදිවයින මහ කොමසාරිස් සහ ජවිපෙ ප්‍රධාන ලේකම් අතර හමුවක්!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ මාලදිවයින මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් (Masood...

විගණකාධිපති ප්‍රශ්නය ගැන ත්‍රෛනිකායික මහනාහිමිවරු ජනපතිට ලියති!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ස්ථිර විගණකාධිපතිවරයෙක් පත් කිරීමට නොහැකි වීම...

ඉන්දියාව හා යුරෝපා සංගමය නව ඓතිහාසික වෙළඳ ගිවිසුමකට එළඹේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 27: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දශක දෙකකට ආසන්න...

ජනාධිපති කාර්යාලය ඉදිරිපිට මාරාන්තික උපවාසයේ සිටි කාන්තාවක් රෝහල්ගත කරයි

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මරාන්තික උපවාසක නිරතවූ සංවර්ධන නිලධාරිනියක්...