අවයව බද්ධ කළ බව කියෙන පෞද්ගලික රෝහල සම්බන්ධයෙන් විමර්ශනයට සත් පුද්ගල කමිටුවක්….

Date:

පෞද්ගලික රෝහලකදී ඉන්ද්‍රියන් බද්ධ කළ බව කියන සිද්ධිය පිළිබඳව ඇතැම් මාධ්‍ය මගින් පළ වු වාර්තා සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පැවැත්වීමට සත් පුද්ගල විමර්ශණ කමිටුවක් සෞඛ්‍ය අමාත්‍යංශය මගින් පත් කරනු ලැබ තිබේ.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් විශේෂඥ වෛද්‍යවරුන් පස් දෙනෙකු ඇතුළු කණ්ඩායමක් මේ සඳහා පත් කර තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. අදාළ සිද්ධීන් සම්බන්ධයෙන් පළ වු මාධ්‍ය වාර්තා හා ලද තොරතුරු ඔස්සේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට හා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබා දී තිබේ.

ඒ අනුව මෙම පරීක්ෂණ කටයුතු නිසි ලෙස ඉටු කිරීම සදහා ක්ෂේත්‍ර කිහිපයක විශේෂඥ දැනුම ඇති විශේෂඥ වෛද්‍යවරුන්, නීති නිලධාරීයෙකු, විමර්ශණ නිලධාරීයෙකු පත්කර ඇති අතර ඒ පිළිබඳ පුළුල් විමර්ශණයක් සිදු කිරීමට මසක පමණ කාලයක් ගත වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙයි.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා,

“එම කමිටුවේ කාර්යභාරය, සමාජ මාධ්‍ය හා මාධ්‍ය මගින් ප්‍රචාරය වු කරුණුවල සත්‍ය අසත්‍යතාවය සොයා බැලීමත්, එවැනි කටයුත්තක් සිදු වී ඇත්නම් සෞඛ්‍ය අමාත්‍යංශය ලෙස ගතයුතු ක්‍රියා මාර්ග කුමක්ද යන්න නිර්දේශ කිරීමත්ය.

මෙයට අමතරව ඇතැම් මාධ්‍ය මගින් වෘෂණ කෝෂ බද්ධ කිරීමක් පිලිබදවද අසන්නට ලැබිණ. නමුත් සෞඛ්‍ය අමාත්‍යංශය ලෙස එවැනි බද්ධ කිරීම් වලට අවසර හෝ අවස්ථාව ලබා දී නැහැ.එමෙන්ම සායනික වශයෙන් හෝ පර්යේෂණාත්මක වශයෙන් එවැනි බද්ධ කිරීම් සිදු කර නොමැති බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ මතයයි. පත් කළ කමිටුවට ඒ පිළිබදවත් සොයා බැලීමට නියම කර තිබෙනවා.

සම්පුර්ණයෙන්ම මේ පිළිබඳ විමර්ෂණයක් සිදු කර එහි සත්‍ය අසත්‍යතාවය තහවුරු කරගන්නා තෙක් එම රෝහලේ අවයව බද්ධ කිරීම තාවකාලිකව නවතා දමා තිබෙනවා.”

මෙහිදී අදහස් දැක්වු පෞද්ගලික වෛද්‍ය සේවා නියාමන කොමිෂන් සභාවේ ලේකම්, පෞද්ගලික වෛද්‍ය සේවා (සංවර්ධන) අංශයේ අධ්‍යක්ෂ ධම්මික අලහප්පෙරුම මහතා,

“පසුගිය දින වල මාධ්‍ය මගින් වාර්තා කෙරුණු පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කෙරෙන බවත් එම ආයතනය තුළ වකුගඩු බද්ධ කිරීමේ දී සිදු වෙතැයි කියන අක්‍රමිකතා පිළිබඳව විමර්ෂණ සිදු කරනු ලබන බවත් පැවසීය.”

මෙයට අමතරව පෞද්ගලික වෛද්‍ය සේවා නියාමන කොමිෂන් සභාව නිර්දේශ කර තිබෙනවා බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරියටද ඒ පිළිබදව විමර්ෂණයක් පවත්වන ලෙසට. මේ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය සහ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය මගින් මේ සම්බන්ධව පරීක්ෂණ දෙකක් පැවැත්වේ.


රෂිකා හෙන්නායක
2022.12.05

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිට්ලර්ගේ DNA අධ්‍යයනය කිරීම සාධාරණ ද? නැතිනම් එය අතහැර දැමිය යුතුව තිබුණා ද?

ඇඩොල්ෆ් හිට්ලර්ගේ රුධිරය පිළිබඳ පෙරළිකාර DNA පරීක්ෂණ මගින් එම...

අද සියලුම ප්‍රාදේශීය ලේකම්වරු කොළඹට කැඳවයි!

දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහභාගීත්වයෙන් අද (22)කොළඹ දී විශේෂ...

Nahdlatul Ulama ඉස්ලාමීය සංවිධානයෙන් එහි සභාපතිවරයාට බලපෑම්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 22, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දුනීසියාවේ විශාලතම ඉස්ලාමීය...

Sydney Lions District 201N5 සමුළුවේදී ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට ඉහළ පිළිගැනීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 22, කොළඹ LNW : සිඩ්නි සිංහ දිස්ත්‍රික්...