*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

චාමික පන්දු යවන්නන් අතර පෙරමුණ රැක ගනියි

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW): අබුඩාබි ටී 10 තරගාවලියේ ශ්‍රී ලංකාව නියෝජනය කරන ක්‍රීඩකයින් අතරින් මේ වන විට කැපි පෙනෙනම ක්‍රීඩකයා බවට පත් වී සිටින්නේ චාමික කරුණාරත්නය.ඔහු තරගාවලියේ වැඩිම කඩුලුලාභියාගේ ගෞරවය තව දුරටත් රැක ගනිමින් දිල්හි බුල්ස් කණ්ඩායමට එරෙහිව නිව්යෝර්ක් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම ජයග්‍රහණය වෙත කැඳවාගෙන යමින් ලකුණු 6 ට කඩුලු 3 ක් දවා ගැනීමටත්,උඩ පන්දු තුනක් රැක ගැනීමටත් සමත් විය.එම කඩුලු 3 ලබා ගැනීමත් සමඟම මේ දක්වා චාමික තරග හතරකදී බිඳ දමා ඇති කඩලු ප්‍රමාණය 9 දක්වා ඉහළ ගොස් ඇත.එසේම මේ තරගයේ දී ඔහු නිව්යෝර්ක් කණ්ඩායමට ජයග්‍රහණය වෙනුවෙන් කරන ලද දායකත්වය සළකා තරගයේ වීරයා ලෙසද නම් කෙරිණි.

නිව්යොර්ක් කණ්ඩායමේ පන්දු ඕවර් 10 තුළ ඔවුන් කඩුලු 4 ක් දැවී ලකුණු 98 ක් රැස් කරන්නට සමත් විය.ප්‍රතිවාදී ඉණිම ඒ ආසන්නයටවත් නොගෙන ලකුණු 31 රඳවන්නට මුල් වෙමින් චාමික විශිෂ්ඨ පන්දු යැවීමක සහ පන්දු රැකිමක නිරත වෙද්දී ඔහුට අනගි සහයක් වෙමින් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෙක් වන අකිල් හොසේන් ද ලකුණු 7 ට කඩුලු 3 ක් දවා ගනිමින් දස්කම් දක්වන්නට සමත් විය.මේ නිසා නිව්යෝර්ක් කණ්ඩායමට දිල්ලි කණ්ඩායමට එරෙහිව ලකුණු 67 ක් විශිෂ්ඨ ජයක් වාර්තා කරන්නට හැකිවිණි.

තරගයේ ලකුණු විස්තරයට
https://www.espncricinfo.com/series/abu-dhabi-t10-2023-24-1410670/delhi-bulls-vs-new-york-strikers-18th-match-1410688/full-scorecard
තරගාවලියේ ක්‍රීඩකයන්ගේ පෞද්ගලික දක්ෂතා විමසා බැලීමට
https://www.espncricinfo.com/series/abu-dhabi-t10-2023-24-1410670/stats

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan