ට්‍රම්ප්ගේ පිටුවහල් කරන ලද සංක්‍රමණිකයන් භාර ගැනීමේ යෝජනාව බහමාස් ප්‍රතික්ෂේප කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
දෙසැම්බර් 06; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඇමරිකා එක්සත් ජනපද ඉතිහාසයේ විශාලතම පිටුවහල් කිරීමේ මෙහෙයුම වෙනුවෙන් සැරසෙන ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය රටතුල සිටින අනවසර සංක්‍රමණිකයන් පිටුවහල් කිරීමේදී ඔවුන් භාර ගන්නා ලෙස කරන ලද ඉල්ලීම බහාමාස් ප්‍රතික්ෂේප කර තිබේ.

මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් බහමියානු අගමැති පිලිප් ඩේවිස්ගේ කාර්යාලය ප්‍රකශ කර තිබුණේ, ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව ඇස්තමේන්තු අනුව 2022 වසර වනවිට අනවසරෙන් පැමිණි පුද්ගලයින් මිලියන 11 ක් එක්සත් ජනපදයේ ජීවත් වන බවත්, එම වසරේම බහමාස් සංගණනය පෙන්නුම් කරන්නේ රටේ මුළු ජනගහනය 400,000 ට වඩා අඩු බවත්, එවැනි ඉල්ලීමකට ඉඩ සැලසීමට බහමාස් සතුව සම්පත් නොමැති බවත්, බහාමාස් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඉල්ලීම දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන බවත්ය.

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරණ වේදිකාවේ සඳහන් කළ පරිදි ඉතිහාසයේ විශලතම පිටුවහල් කිරීමට සුදානම් වෙමින් සිටින අතර ට්‍රම්ප්ගේ කණ්ඩායම සංක්‍රමණිකයන් යැවීමට රටවල් ලැයිස්තුවක් සුදානම් කරමින් සිටින අතර එම ලැයිස්තුවට බහමාස්, ටර්ක්ස් සහ කයිකෝස් දූපත්, පැනමාව සහ ග්‍රෙනාඩා ඇතුළත් වේ.

කෙසේ නමුත් ජනවාරි මස ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පවත්වන විට ඔහු පිටුවහල් කිරීමට සුදානම් සංක්‍රමණිකයන් භාර ගැනීමට කිසියම් රටක් එකඟ වන්නේද යන්න පැහැදිලි නැත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...