අද (06) දවසේ කාලගුණ තත්වය

බටහිර – මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති “මිජවුම්” චණ්ඩ සුළි කුණාටුව, ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශයේ වෙරළ තීරයෙන් ගොඩබිමට ඇතුළු වී ඇති අතර එම පද්ධතිය ක්‍රමයෙන් දුර්වල වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව, අද (06) දිනයේදී බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වල විශේෂයෙන් උදේ කාලයේදී විටින් විට වැසි ඇති විය හැක.

සබරගමුව, මධ්‍යම, නැගෙනහිර සහ ඌව පළාත්වල ප.ව. 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල උදෑසන කාලයේදී මීදුම සහිත තත්ත්වයක් පැවතිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

RN