දේවගැති ජෙරොම් රඳවා සිටින මැගසින් බන්ධනාගාරයේ ‘ජී’ වාට්ටුවෙන් හමු වූ දේ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): දේවගැති ජෙරොම් ප්‍රනාන්දු රඳවා සිටින කොළඹ මැගසින් බන්ධනාගාරයේ ‘ජී’ වාට්ටුවේ සහ ‘එච්’ වාට්ටුවේ සිදු කළ හදිසි වැටලීමකදී ජංගම දුරකතන 33ක් සහ සිම්පත් 35ක් සොයාගැනීමට බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් සමත් වී තිබේ. අධිකරණ නියෝගයකට අනුව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු දේවගැති ජෙරොම් ප්‍රනාන්දු ද පසුගියදා (01) සිට මැගසින් බන්ධනාගාරයේ ‘ජී’ වාට්ටුවේ රඳවා සිටී.

පසුගියදා (02) රාත්‍රියේ මෙම හදිසි වැටලීම සිදු කර ඇත. මෙම සෝදිසි කිරීමේදී හමු වූ ජංගම දුරකතන සහ සිම්පත් සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශනයක් ආරම්භ කර ඇත.

වැඩිදුර පරීක්ෂණ සඳහා අදාළ ජංගම දුරකතන සහ සිම්පත් පොලිසිය වෙත භාර දීමට කටයුතු යොදා ඇති බව වාර්තා වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Emine Erdogan ගෙන්  Melania Trumpට ලිපියක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 24, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයේ සහ රුසියාවේ...

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක ගැනත් විමර්ශන ඇරඹේ!

කොළඹ LNW:හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක සම්බන්ධයෙන්ද විමර්ශන සිදුකරමින...

රනිල්ව අත්අඩංගුවට ගැනීම ගැන චන්ද්‍රිකාත් විරෝධය පළකරයි!

කොළඹ LNW:හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන්...