ඉදිකිරීම් කේෂ්ත්‍රයේ පිබිඳීමක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): වර්තමානයේ ඉදිකිරීම් කේෂ්ත්‍රයේ පිබිඳීමක් ඇති වී ඇති බවත්, එයට හේතුව ලෙස, ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩවල ආනයන සීමා ලිහිල් කිරීමත් සමඟ ඒ ආශ්‍රිත නිෂ්පාදනවල මිල ගණන් ශීඝ්‍ර ලෙස පහළ යමින් පැවතීම බව ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමයේ, ලේකම් ශාමින්ද්‍ර ගුණසේකර මහතා සඳහන් කළේය.

ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩ ආනයනය වසර තුනහමාරක් අත්හිටුවලා තිබුණා. ආනයනික සීමා පනවලා තිබුණා කොවිඩ් එක්ක. වසර තුනහමාරකට පස්සේ අපිට ගිය මාසේ ආනයන සීමා ලිහිල් කරලා, නැවතත් ආනයනය කිරීමට අවස්ථාව ලබාදුන්නා රජය. මෙය අවස්ථාවක් කරගන්නවා රජයට ස්තූති කරන්න. පහුගිය මාසය තුළ නැවතත් ආනයනය පටන් අරන් තියෙනවා. මිල ශීඝ්‍ර ලෙස පහළ බහිනවා.ටයිල් සහ සනීපාරක්ෂක මෙවලම්වල. ඉල්ලුම ශීඝ්‍ර ලෙස ඉහළ යනවා. ඉදිකිරීම් කේෂ්ත්‍රයටත් ඉතා හොඳ පන්නරයක් මේක.”

ශාමින්ද්‍ර ගුණසේකර මහතා පැවසුවේ, මෙම කේෂත්‍රය සඳහා තවදුරටත් බදු පැනවීමක් සිදුකළ හොත් ටයිල් කැටයක මිල යළිත් රුපියල් 100කින් ඉහළ යන බවය.

“තවදුරටත් තීරු බදු වැඩි කරන්න එපා. දේශීය ඉදිකිරීම් කර්මාන්තය දැන් කඩා වැටිලා තියෙනවා. මේ බද්ද ආවොත් රු 100කින් වැඩි වෙනවා. අඩි දෙකේ දෙකේ ටයිල් කැටයක් ලංකාවට එන්නේ රු 450ට “ ලෙස කියා සිටියේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...

දේශපාලනය පුස්තකාලයක් නම් ගාමිණී ලොකුගේ කාවෙකි !

කලකට පෙර මිය ගිය මිනිසෙකුගේ කායික මරණය ගැන පුවත...