එනවා පේනවා, ලොහාන් යනවා පේනවා – ලොහාන්ට බන්ධනාගාරය එක්ක ඇත්තේ සංසාරගත බැඳීමක්ද ?

Date:

හිටපු රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ ලබන 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (දෙසැම්බර් 07) නියෝග කර තිබේ.

ඒ, ඊයේ පස්වරුවේ කොළඹ කොල්ලුපිටිය ප්‍රදේශයේදී බීමතින් රිය පදවා රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙනි.

ලොහාන් රත්වත්තේ පෙරේදා දිනය වනතෙක්මත් මාසයකට අධික කාලයක් සිටියේ රක්ෂිත බන්ධනාගාරගතව ය. ඒ, නීතිවිරෝධී ලෙස එකළස් කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් සන්තකයේ තබාගැනීමේ චෝදනාවට ය.

ලොහාන්ට බන්ධනාගාරය සමග ඇත්තේ දීර්ඝ කාලීන බැඳීමකි. ඔහු 2001 දෙසැම්බර් මහමැතිවරණ සමයේ මහනුවර උඩතලවින්නේදී පුද්ගලයින් 10 දෙනෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව වසර කිහිපයක් බන්ධනාගාරගතව සිටියේය. පසුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ ඔහුට ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ විද්‍යාත්මක ඇමතිකම් බෙදීම අනුව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමති ධුරය ලැබිණි. ඇමතිකම ලැබීමෙන් පසුත් ඔහු කළේ හවසට මල්පැන් පොදක් රහබලා සිය මිතුරු මිතුරියන්ව බන්ධනාගාරය බලන්නට, පෝරකය පෙන්වන්නට කැඳවාගෙන යාම ය. යහළු යෙහෙළියන්ට පෝරකය පෙන්වූ ඔහු සිරකරුවන් පිරිසකට පිස්තෝලය ද පෙන්වූ බවත් වාර්තා වී තිබිණි. ඒ අනුව ලොහාන්ට බිව්වත් මුලින්ම මතක් වෙන්නේ බන්ධනාගාරය මය.

මෑත සිද්ධිය ගෙන බලමු. ඔක්තෝබර් 30 වෙනිදා මහනුවරදී අත් අඩංගුවට පත්ව, පසුදින නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ රක්ෂිත බන්ධනාගාරගත වූ ලොහාන් ඇප පිට එළියට එන්නේ දෙසැම්බර් 05 වෙනිදා ය. මාසයකටත් වැඩි කාලයක් රිමාන්ඩ් බන්ධනාගාරයේ තැපීමෙන් පසු මෙසේ එළියට පැමිණි ලොහාන් පසුවදා සවස් වනවිටම බීමතින් රිය පදවා අනතුරකුත් සිදුකරගෙන නැවතත් රිමාන්ඩ් බන්ධනාගාරයට යන්නට පාර කපා ගත්තේ ය.

මේ යන ආකාරයට නම් පෙනෙන්නේ එක්කෝ ලොහාන්ට බන්ධනාගාරය සමග ඇත්තේ සංසාරගත ආත්මීය බැඳීමකි. ඔහුට බන්ධනාගාරයට නෑවිත් ඉන්නට බැරිය. එහෙමත් නැත්නම් ලොහාන්ට ගෙදර ඉන්නට බැරි මොකක් හෝ සීරියස් ප්‍රශ්නයක් තියෙනවා විය යුතුය. ඔය දෙකෙන් කෝකදැයි අපි දන්නේ නැත ….

~ දර්ශන වීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...

දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!

ආශික බ්‍රාහ්මණ කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක ඉක්මවා...