සටහන – නිශ්මං රණසිංහ
දෙසැම්බර් 08, (LNW) කොළඹ:ජාතික බැඩිමින්ටන් සූරතාවලියේ අවසාන තරග සඳහා පසු ගිය කාලයේ වැඩි අවධානයක් යොමුවන විරේන් නෙත්තසිංහ සහ රනිත්මා ලියනගේ පිවිස සිටිනවා.දේශිය සහ විදේශිය තරග සහභාගීත්වයේ සංකලනයක් අනුව සිඳුවන ජාතික ශ්‍රේණිගත කිරීම්වලට අනුව ක්‍රීඩකයින් අතර පෙරමුණේ සිටින පන්නිපිටිය රයිසින්ග් ස්ටාර් බැඩිමින්ටන් ඇකඩමිය නියෝජනය කරන ෂෙනුක් සමරරත්න විරේන්ට එරෙහිව අවසාන තරගයේදී තරග වදිනවා.විරේන් මෙම තරගය සඳහා සහභාගි වන්නේ ශ්‍රී ලංකා බැඩිමින්ටන් හරහා යි.
රනිත්මා ලියනගේ කාන්තා අවසාන තරගයට පහසුවෙන් පිවිස සිටින අතර ඇයට අවසාන තරගයේදී හමුවීමට නියමිතන ඇත්තේ මෑත කාලයේ අවධානයට ලක් වූ ක්‍රීඩිකාවක් වන රශ්මි මුදලිගේ යි.රශ්මි අවසාන පූර්ව තරගයේදී අංක දෙකට ශ්‍රේණිගතව සිටි නෙත්මි වන්නිආරච්චි පහසුවෙන් පරාජය කරමින් රනිත්මාව අවසාන තරගයේදී මුණ ගැසෙන්නට අවස්ථාව දිනා ගනු ලැබුවා.
පිරිමි තරග අංශය කාන්තා තරග අංශයට වඩා තරගකාරී විය හැකි බවට අනාවැකි පහළ වූ ආකාරයෙන්ම සෙනුක්ට අර්ධ අවසන් පූර්ව සහ අවසන් පූර්ව තරග වට වලදී ජය ගැනීමට සිඳු වුණේ වට 2-1 ක් ලෙසයි.විරේන් ද අවසාන පූර්ව තරගයේදී දුමිඳු අබේවික්‍රමට එරෙහි තරගය ජය ගත්තේ ද වට 2-1 ක් ලෙසයි.
කාන්තා යුගල තරගයේ අප්‍රිකානු සංචාරයෙන් අනතුරුව යසිනි අම්බලන්ගොඩ සහ යසාරා විජේරත්න සහභාගි වනු ඇතැයි සිතුවත් ඔවුන් දෙදෙනා ජාතික තරගවලියේදී දකින්නට ලැබුණේ නැහැ.බහරේන් හී දී දක්ෂතා දැක් වූ 15 හැවිරිදි වියේ පසුවන ඉසුරි අත්තනායක සහ සිතුම් දි සිල්වා කාන්තා යුගල අවසාන තරගය දක්වා පැමිණෙමින්,ඔවුන් අනාගත බලාපොරොත්තු බව යළිත් සපත කළා.කාන්තා යුගල අවසාන තරගයේ දී රනිත්මා ලියනගේ සමඟ ප්‍රවීනා විජේසුන්දර,රශ්මි මුදලිගේට සහ වරංගනා ජයවර්ධනට එරෙහිව තරග වඳින්නට නියමිතව තිබෙනවා.
පිරිමි යුගල සූරතා අවසාන තරගයට සෙනුක් සමරරත්න සහ සවිනික විරසේකර තරග වඳන්නට නියමිතව ඇත්තේ බුවනෙක තරිඳු ගුණතිලක සහ ඩේවින් ජේෂන් හෝමර් සමඟයි.කණිෂ්ඨ වයස් කාණ්ඩ තරග මේ වන විට විශාල ප්‍රමාණයක් අවසන්ව ඇති අතර ඇතැම් කණිටු තරග අවසන් කර ඇති අතර ප්‍රවීන තරගද සමඟ ජාතික සූරතාවයේ සියලු කරුණු ඉදිරියට ගෙන එන්නට බලාපොරොත්තු වෙනවා.