නට්ටන් වෙලා බිංදුවට වැටුණත් අපි නැගිටිනවා – එස්.බී.

Date:

කොළඹ LNW: ලබන අවුරුද්දේ ජනාධිපතිවරණය පැවැත්වීමට සිදුවන අතර එය මඟහැර යා නොහැකි අතර එයට මුහුණ දෙන්න සිදුවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස ඊට සූදානම් අතර මේ වන විට සෑම ගමකම ශාඛා සමිති ලියාපදිංචි කරමින් යන බවත් එළඹෙන 15 වැනිදා පැවැත්වීමට නියමිත පක්ෂ සම්මේලනයට රට පුරා සූදානම් වන බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

පක්ෂයක් ලෙස බිංදුවට වැටී අළු දුලී වී නට්ටන් වී ගියද යළි නැගිටිමින් සිටින බවද දිසානායක මහතා කියා සිටියි.

එම අළු දුලී මතින් නැගිට ගමන් කරමින් තිබෙන බවත් මේ වන විට 69 ලක්ෂයම නැතත් පක්ෂයක් ලෙස නැගිටින බවයි ඔහු අවධාරණය කරන්නේ.

ජනතා විමුක්ති පෙරමුණ,එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ සියලු දෙනා පස්සට යමින් සිටින බවත් එක්සත් ජාතික පක්ෂය නම් තවමත් වැටිච්ච තැනම වන බවත් එය තවමත 1% 2% මට්ටමේ තිබෙන බවත් දිසානායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් – සජිත් හමුවක් !

හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා...

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...

ඉරානයට පහර දුන්නොත් ‘කලාපීය යුද්ධයක්’ ඇති වන බවට කමේනි ඇමරිකාවට අනතුරු අඟවයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන උත්තරීතර නායක...

ලෝක කුසලානයට සහභාගිවන්න නෙදර්ලන්තය ලංකාවට

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...