නට්ටන් වෙලා බිංදුවට වැටුණත් අපි නැගිටිනවා – එස්.බී.

Date:

කොළඹ LNW: ලබන අවුරුද්දේ ජනාධිපතිවරණය පැවැත්වීමට සිදුවන අතර එය මඟහැර යා නොහැකි අතර එයට මුහුණ දෙන්න සිදුවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස ඊට සූදානම් අතර මේ වන විට සෑම ගමකම ශාඛා සමිති ලියාපදිංචි කරමින් යන බවත් එළඹෙන 15 වැනිදා පැවැත්වීමට නියමිත පක්ෂ සම්මේලනයට රට පුරා සූදානම් වන බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

පක්ෂයක් ලෙස බිංදුවට වැටී අළු දුලී වී නට්ටන් වී ගියද යළි නැගිටිමින් සිටින බවද දිසානායක මහතා කියා සිටියි.

එම අළු දුලී මතින් නැගිට ගමන් කරමින් තිබෙන බවත් මේ වන විට 69 ලක්ෂයම නැතත් පක්ෂයක් ලෙස නැගිටින බවයි ඔහු අවධාරණය කරන්නේ.

ජනතා විමුක්ති පෙරමුණ,එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ සියලු දෙනා පස්සට යමින් සිටින බවත් එක්සත් ජාතික පක්ෂය නම් තවමත් වැටිච්ච තැනම වන බවත් එය තවමත 1% 2% මට්ටමේ තිබෙන බවත් දිසානායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කෙහෙළියගේ බෑනා,ලේලි සහ තවත් දියණියක් අල්ලස් කොමිසමට කැඳවල!

කොළඹ LNW:හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුල්වැල්ලගේ බෑනා, ලේලිය සහ තවත්...

දුමින්ද දිසානායක යළි රිමාන්ඩ්!

කොළඹ LNW:හිටපු අමාත්‍යවරයෙක් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ...

රවින්ද්‍ර හේවාවිතාරණගේ “ඇවිද මිනිසුන් අතර ” දොරට වඩී!

කොළඹ LNW:වසර තිස් හ⁣යක රාජ්‍ය පරිපාලන සේවයේ අත්දැකීම් කැටිකර...

ශ්‍රී ලාංකිකයින් 20,000ක් ඊශ්‍රායලයේ හිරවෙලා – නැවත රටට ගෙන්වන්න පුළුවන්ද? බැරිද? – අලුත්ම තත්ත්වය මෙන්න!

කොළඹ LNW:ඊශ්‍රායලයේ රැකියා කරන ශ්‍රී ලාංකිකයින්ගේ ජීවිත ආරක්ෂාව බව...