පරාටේ නීතිය අත්හිටුවීමේ කාලය දීර්ඝ කෙරේ !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ණය පැහැර හරින ලද ව්‍යාපාරිකයින්ගේ දේපළ බැංකුවලට පවරාගෙන වෙන්දේසි කිරීම “පරාටේ නීතිය” ක්‍රියාත්මක කිරීම අත්හිටුවීම 2025.03.31 දින දක්වා දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

පසුගිය වසර 04ක කාලය තුළ ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදය හේතුවෙන් මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මුහුණ පා සිටින දුෂ්කරතාවන් සලකා බලා මීට පෙර මෙම නීතිය ක්‍රියාත්මක කිරීම 2024.12.15 වනදා දක්වා තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කර තිබිණි.

දේපළ වෙන්දේසි කිරීමට ඉඩදීම වෙනුවට එවැනි ණය ආපසු ගෙවීම සඳහා ක්‍රියාකාරී සැලැස්මක් හඳුන්වාදීම මගින් දෙපාර්ශ්වයටම සාධාරණය ඉෂ්ට කිරීම සුදුසු බව රජය නිරීක්ෂණය කර ඇති අතර ඒ අනුව 2025.03.31 දින දක්වා පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවීම දීර්ඝ කිරීමටත් ශ්‍රී ලංකා මහබැංකුව විසින් රාජ්‍ය හා පෞද්ගලික බැංකු සහ අනෙකුත් රාජ්‍ය ආයතන ඇතුළු සියලුම පාර්ශ්වකරුවන්ගේ සක්‍රීය දායකත්වයෙන් මෙම ගැටලුව විසඳීමට බහුමාන යාන්ත්‍රණයක් සකස් කිරීමටත් මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමිව ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාව ගාල්ල මහ නගරසභාවේ අයවැයත් පරදී !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජනබලවේගයට බලය හිමි ගාල්ල මහ...

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...