*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

හිමිකම් හටනේ විරුවන් ඔබ අමතක කර දැමුවාද නයිජල්..?

නයිජල්.. මානව හිමිකම් ක්ෂේත්‍රයේ අද ඉන්නා කොල්ලන්ට කෙල්ලන්ට නම් හුරුපුරුදු නමක් නොවෙන්න පුළුවන්. ඒත් නයිජල් ඉතිරි කර ගිය ඒ මතකය කෙසේ අමතක කරම් ද?

චාර්ල්ස් නයිජල් ද සිල්වා යනු මෙරට මානව හිමිකම් ක්ෂේත්‍රෙය් සිටි ප්‍රභලතම චරිතයකි. එල්ජීබීටී මානව හිමිකම් ව්‍යාපාරයේ මෙන්ම එච්අයිවී ක්ෂේත්‍රයේ කලක් රැව්පිලි දුන් චරිතයකි.

නයිජල් අප අතරින් වෙන්වී අද වන විට වසර දහයක් වෙනවා. අද ජාත්‍යන්තර මානව හිමිකම් දිනය, ඒත් අපි කවුරුවත් නයිජල් ගැන කතා කරාද?

මීට විසි දෙවසරකට පමණ පෙර තම එච්අයිවී තත්ත්වය ගැන දැනුවත් වන නයිජල්, එතැන් පටන් ජීවිතයේ මුහුණ පෑ අභියෝග මුසු කරේ අඳෝනා නඟන්නට නොව සුබවාදී ව ජීවිතය දෙස බලන්නටයි. ශ්‍රී ලංකාවේ එච්අයිවී ක්ෂේත්‍රයේ මෙන්ම එල්ජීබීටී මානව හිමිකම් ව්‍යාපාරයේ පුරෝගාමියකු වූ නයිජල් ප්‍රජා සංවිධාන ගණනාවක් සමඟම කටයුතු කර තිබුණා. ලංකා ප්ලස් නම් එච්අයිවී සමඟ ජීවත් වන පුද්ගලයින් සඳහා කටයුතු කරන සංවිධානය බිහිකිරීමට නායකත්වය දුන්නේ නයිජල්.

ගමන්මගේ සහකරුවෝ නම් ශ්‍රී ලංකාවේ පළමු එල්ජීබීටී මානව හිමිකම් වෙනුවෙන් බිහිවූ සංවිධානය තුළ ප්‍රභල කාර්යභාරයක් ඔහු සිදු කරා. ඊක්වල් ග්‍රව්න්ඩ් වැනි ප්‍රජා සංවිධාන වල උපදේශන සේවාවන් ආරම්භ කළේ නයිජල්.

තම එච්අයිවී තත්ත්වයත් සමඟ නයිජල් ට අහිමි වූ දේ බොහොමයි. තම රැකියාව, පවුලේ සබඳතා… එතැනින් ද නොනැවතී දිවි ගෙවූ වහලයද අහිමි වූවා.. පිළිසරණක් නැතිව නයිජල් මහමඟ ගත කළ ජීවිතය මතක් වන විට කෙසේ වාවම් ද? 

ඒත් නයිජල් සැලුනා ද? කිසිවිටකත් නෑ. අර බොක්කෙන් කතා කරන ගතිය කවදත් ප්‍රගුණ කළ නයිජල් හැමවිටම තම මතය ප්‍රකාශ කළේ අව්‍යාජව.. සමරිසි මිනිසුන් ගැන මෙන්ම, එච්අයිවී සමඟ ජීවත් වන ප්‍රජාව වෙනුවෙන් ද නයිජල් බොහෝ සෙයින් දොඩමළු වූවා.

ඒ ලිංගිකත්වය, එච්අයිවී ඇතුළු ලිංගාශ්‍රිත ආසාදන ගැන සමාජයේ පැවති පටු ආකල්ප නිසා බොහෝ දෙනා බියෙන් නිහඬ වූ යුගයක්.. ඒත්.. නයිජල් ඒ හැම දෙනා වෙනුවෙන් ම අභීතව පෙනී සිටියා.

මානව හිමිකම් ගැන කතා කිරීම බෝරිං ද? ඒත් නයිජල් මානව හිමිකම් පිළිබඳ කතිකාවත වෙනත්ම මානයක් වෙත රැගෙන ගියා. ඔහු මානව හිමිකම් ක්‍රියාධරයෙක් පමණක් නොව ඉතා දක්ශ කථිකයෙක්, වැඩසටහන් නිවේදකයෙක්, ගායකයෙක්, මනෝ උපදේශකයෙක්, සූපවේදියෙක්, රංගධරයෙක්. නයිජල්ගේ කරුණාබර හදවතට ඕනම පිසාචයෙක් මෙල්ල කළ හැකියි.

වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම ඕල්රවුන්ඩර් කෙනෙක්..

නයිජල් අප අතරින් සමුගන්නේ 2010 දෙසැම්බර් 04 දී. එතකොට වයස 40 ක් පමණ වන්නට ඇති. එච්අයිවී වෛරසය සමඟ පොර බදන්නට සාර්ථක ඖෂධ අද වන විට හඳුන්වා දී තිබෙනවා. ඒ සාර්ථකත්වය කොපමණ උඩුදිව තිබෙනවා ද කියනවා නම්, වෛරසය හඳුනා ගත නොහැකි මට්ටමට පාලනය කිරීමේ හැකියාව ද තිබෙනවා.. අපිට ඩොක්ටර්ස් ලා කිව්වේ එහෙමයි.

නයිජල් ද එච්අයිවී සමඟ පොර බැදුවා.. ඒත් නූතන වෛද්‍ය විද්‍යාවේ ඒ විශ්මකර්ම අත්විඳින්නට නයිජල් අද අප අතර නෑ.. 

අද වන විට එච්අයිවී ක්ෂේත්‍රයේ බොහෝ ක්‍රියාකාරීන් සිටිනවා.. ඇතැමුන්ගේ ගුණ වර්ණනා කරනවා, ඇතැමුන් සම්මාන ලබනවා.. ඇතැමුන් තවමත් ජාතික මට්ටමේ ව්‍යාපෘති වල නියැලෙනවා.. ශ්‍රී ලංකාවේ එච්අයිවී නිවාරණයට ලොකු කාර්යභාරයක් සිදුකරනවා.. එපමණක් නොවෙයි.. සමරිසියන්ට ගල් ගැසූ ඒ යුගය අද අවසන් වී තිබෙනවා.. අද එල්ජීබීටී ව්‍යාපාරයේ කැපී පෙනෙන ප්‍රගමනයක් සිදුව තිබෙනවා.

අයිතීන් දිනා ගැනීමට ප්‍රජාව පාරට බහින්න පවා සූදානම්.. දන්නවා ද? විවිධ මට්ටම් වලින් රජය පවා මේ ගැන අවධානය යොමුකර තිබෙනවා.

ඒත් නයිජල්.. ඔබ හෙලූ ඒ අඩිතාලම නොවන්නට, අද මේ බොහෝ දෙනෙකුට කතා කරන්නට දෙයක් ඉතිරිව තිබුණා ද යන්න මට හිතෙනවා..

නයිජල් ජීවත් ව සිටි කාලය තුළ තම දෙවන පෙළ නායකත්වය ගොඩනඟන්න කෙතරම් පුහුණු කිරීම් සිදුකරන්නට ඇත් ද? ඒ පුරුක් අදටත් අප අතර ජීවත් වනවා.

නයිජල්, ඔබ කොහේ හෝ ඉඳන් අද වෙන දේ දෙස බලා සිටී යනුවෙන් මතවාදයක් ගෙනත් දේවවාදී වෙන්න මට අදහසක් නම් නෑ.. ඒත් නයිජල්, ඔබට සිදුවූයේ ලොකු අසාධාරණයක් ද කියලා මට හිතෙනවා..

මට හිතට නැඟෙන එක ප්‍රශ්නයක් තිබෙනවා… හිමිකම් හටනේ විරුවන් ඔබ අමතක කර දැමුවාද නයිජල්…?

ප්‍රමෝද් චින්තක පීරිස්

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan