*
Monday, May 6, 2024
spot_img

Latest Posts

ජනවාරියේ සිට පෙට්‍රල්, ඩීසල් මිල වැඩි වෙන හැටි ආනන්ද පාලිත කියයි

2024 ජනවාරි 01 වනදා සිට නව වැට් බදු පනත ක්‍රියාත්මක වීමත් සමග පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 62.37කින් සහ ඩීසල් ලීටරයක මිල රුපියල් 59.22 කින් ඉහළ යනු ඇති බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා පවසයි.

ඒ අනුව, දැනට රුපියල් 346ක් වන පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 400 ඉක්මවා යනු ඇති අතර දැනට රුපියල් 329ක් වන ඩීසල් ලීටරයක මිල රුපියල් 400 කට ආසන්න වනු ඇති බවයි ඒ මහතා සඳහන් කළේ.

ඉන්ධන ලීටරයක් සඳහා මේ වනවිටත් බදු පමණක් රුපියල් 125 කට අධික මුදලක් අය කෙරෙන බව පැවසූ ඒ මහතා පැවසුවේ ඉන්ධන බදුවලින් ආණ්ඩුව මසකට රුපියල් කෝටි 1500 ක් පමණ උපයා ගන්නා බවයි.

මේ අතර, ඉන්ධන මිල ඉහළ යාමත් සමග ජනවාරි 01 වනදා සිට විදුලි සහ ජල ගාස්තු ද ඉහළ යන බවත් ආනන්ද පාලිත මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා මේ බව පැවසුවේ ඊයේ (11) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan