කඹ ඔක්කොම හමුදාවට

0
399

ජාතික කඹ ඇදීමේ සූරතාවලියේ 17 වැන්න කොළඹ ටොරිංටන් පිටියේදි නිමාවට පත් වුණේ එහි සියලු ගෞරව ශ්‍රී ලංකා යුද හමුදාව සතු කරමින්.ක්‍රීඩා අමාත්‍යංශය සහ ජාතික කඹ ඇදීමේ සම්මේලනය එක්ව සංවිධානය කරන්නට යෙදුණ,ලියාපදිංචි ක්‍රීඩා සමාජ 30 ක් සහභාගි වූ මේතරගාවලියේ පැවති ඉසව් හයේම ප්‍රථම ස්ථානය දිනා ගත්තේ ශ්‍රී ලංකා යුද හමුදාවයි.
ජ්‍යෙෂ්ඨ පිරිමි කිග්‍රෑම් 640
1 ශ්‍රී ලංකා යුද හමුදාව
2 ශ්‍රී ලංකා නාවික හමුදාව.

ජ්‍යෙෂ්ඨ කාන්තා කිග්‍රෑම් 560
1ශ්‍රී ලංකා යුද හමුදාව
2සීඳුව රද්දොළුව එකමුතු ක්‍රීඩා සමාජය

23 න් පහළ පිරිමි කිග්‍රෑම් 600
1ශ්‍රී ලංකා යුද හමුදාව
2 තලංගම අයන් ආර්ම්ස් ක්‍රීඩා සමාජය

23 න් පහළ කාන්තා කිග්‍රෑම් 500
1 ශ්‍රී ලංකා යුද හමුදාව
2 රත්නපුර දිස්ත්‍රික් ක්‍රීඩා සමාජය

කැච්වේට් බර පංති (බර සීමා නොමැති) තරග
පිරිමි
1 ශ්‍රී ලංකා යුද හමුදාව
2 ගණේමුල්ල තුසිත ක්‍රීඩා සමාජය
කාන්තා
1 ශ්‍රී ලංකා යුද හමුදාව
2 තඹුත්තේගම භාති ක්‍රීඩා සමාජය



RM