සෙන්තිල් තොණ්ඩමාන්ගෙන් වඩිවේල් සුරේෂ්ට සුබ පැතුම්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): නැ‍ගෙනහිර පළාත් ආණ්ඩුකාර සහ ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති සෙන්තිල් තොණ්ඩමාන් මහතා ජනාධිපතිවරයාගේ උපදේශකවරයෙකු ලෙස පත් කර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතාට පෞද්ගලිකව සුබ පැතුම් එක් කර ඇත.

ශ්‍රී ලංකාවේ ජීවත් වීමට නුසුදුසු යැයි කඳුකර ජනතාවගේ පුරවැසිභාවය අහිමි කර රටක් නොමැති ප්‍රජාවක් ලෙස කඳුකර ජනතාව නොසලකා හරිමින් තිබියදී ජනාධිපතිතුමා විසින් කඳුකර දෙමළ ජාතිකයෙකු ශ්‍රී ලංකාවේ උපදේශකයෙකු ලෙස පත් කිරීම සමස්ත කඳුකර ජනතාවටම ආඩම්බරයකි, වඩිවෙල් සුරේෂ් මහතා ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයෙන් සිය දේශපාලන ජීවිතය ආරම්භ කර, දිවංගත නායක සෞම්‍යමූර්ති තොණ්ඩමාන් මහතා සහ දිවංගත ආරුමුගන් තොණ්ඩමාන් යන මහත්වරුන්ගේ අඩිපාරේ ගොස් හැදී වැඩී කඳුකරයේ ප්‍රමුඛතම වෘත්තීය සමිතිය වන LJW හි ප්‍රධාන ලේකම්වරයා බවට පත් වී සිටියදී මෙම තනතුර සඳහා අද ඔහු පත් කරනු ලැබ ඇත.

වඩිවෙල් සුරේෂ් මහතාගේ පාලන කාලය තුළ විවිධ ව්‍යාපෘති කි‍්‍රයාත්මක කර තවදුරටත් කදුකරයේ ජනතාවට සේවය කිරීමට සුභ පැතුම් පිරිනමන බවද ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් මෙහිදී පැවසීය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමන්ටත් ඩුබායි හී දී රිදී පදක්කමක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 13, කොළඹ LNW: ඩුබායි හී පැවත්වෙන ලෝක...

2026 බංග්ලාදේශ මැතිවරණය: BNP පක්ෂයේ ජයග්‍රහණය සහ නව රජය

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2024 වසරේ ඇති...

මහාචාර්ය තිස්ස විතාරණ අභාවප්‍රාප්ත වෙයි!

කොළඹ LNW:ලංකා සම සමාජ පක්ෂයේ නායක හිටපු අමාත්‍යවරයෙක් වූ...

හිටපු RMV නියෝජ්‍ය කොමසාරිස්වරියක් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : මුදල් අමාත්‍යාංශයේ වෙළද...