ජපානෙත් කැබ්නෙට්ටුව අවුල්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): හදිසියේම ජපානයේ කැබිනට් අමාත්‍යවරු සිව් දෙනෙක් ඔවුන්ගේ තනතුරුවලින් ඉල්ලා අස්වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

තව දුරටත් එරට මාධ්‍ය සඳහන් කළේ, අරමුදල් රැස්කිරීමෙදී සිදුකළ වංචාවක් සම්බන්ධයෙන් ඔවුන්ගේ නම් සඳහන් වීමෙන් අනතුරුව ඔවුන් එම තීරණය ගෙන ඇති බවයි.

එසේ තනතුරුවලින් ඉල්ලා අස්වූ අමාත්‍යවරුන් ජපාන පාලක පක්ෂයේ ප්‍රබලතම කඳවුරේ සාමාජිකයින් බවද සඳහන් වේ.

2022 තෙක් 5 වසරක් පුරා යෙන් මිලියන 500ක පමණ මුදලක් වෙනත් ගිණුම් වල තැන්පත් කර තිබී ඇති අතර , ඒ සම්බන්ධයෙන් එරට බලධාරීන් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

එරට අගමැති ෆුමියෝ කිෂිඩා ගේ රජයේ ජනප්‍රියතාවය මෙම හේතුව සමඟ තවත් පහළ යමින් තිබෙන බවද වාර්තා වෙයි.

සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 නව වසර වෙනුවෙන් ජනපති අනුරගේ සුබපැතුම් පණිවිඩය

සටහන - රුවන් නෙළුගොල්ල අප අභිමුව පවතින අභියෝග නිවැරදිව අවබෝධ...

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...