කෝටි ගාණක “කුෂ්” කටුණායක ගුවන් තොටෙන් මතුවෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW :

ඊයේ (14) රාත්‍රියේ රුපියල් රුපියල් විසි එක් කෝටි හැට හය ලක්ෂ අසූ දහසක වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

මෙම කුෂ් තොගය තායිලන්තයේ බැංකොක් නුවරින් මිළදී ගෙන වෙනත් පුද්ගයෙකු ලවා මෙරටට ගෙනැවිත් සිය නිවසෙහි සඟවා ගෙන සිටි මත් ජාවාරම්කරුවකු පිළිබඳ සිදුකළ දීර්ඝ විමර්ශනයකින් පසු ඊයේ (14) රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව වැඩිදුරටත් වාර්තා වේ .

පොලිසිය සඳහන් කරන්නේ, අත්අඩංගුවට පත් 34 හැවිරිදි පුද්ගලයා වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවකු බවයි.

සැකකරුගේ නිවස වැටලූ පොලිසියට එහි තිබූ විවෘත නොකළ ගමන් මල්ලක ඇසුරුම් 20ක් තුළ කිලෝ 21කට වැඩි කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙන බව පැවසේ.

පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ, මීට අමතරව සැකකරු සන්තකයේ තිබී අමෙරිකානු ඩොලර් 4,900ක මුදලක්ද සොයාගත් බවයි

අද (15) දින සැකකරු සහ මත්ද්‍රව්‍ය තොගය වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වාහන බදු වංචාවකට වරද පිළිගත්තේ නෑ – ජොනීගෙන් නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (28) දිනයේදී කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී...

කොබෙයිගනේ පොලීසියේ අත්අඩංගුවේ සිටි සැකකරුවෙකුත් මරුට !

සොරකමකට පැමිණි බවට සැකපිට ගම්වාසීන් පිරිසක් විසින් අල්ලාගෙන කොබෙයිගනේ...

හෝමාගම පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති අත්අඩංගුවට !

පොලිස් භාරයේ සිටි තරුණයකු මියයාමේ සිද්ධියට අදාළව වැඩතහනමකට ලක්කර...

මැතිවරණ පරාජයත් සමඟ ෆ්ලේවියෝ බොල්සොනාරෝ ඇමරිකාවට පලා යයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 28 : බ්‍රසීල...