2024 ට විශ්වවිද්‍යාලවලට සිසුන් 41,000ක් බඳවා ගැනීමට තීරණයක්!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): 2024 වසර සඳහා මෙරට විශ්වවිද්‍යාලවලට සිසුන් 41,000ක් බඳවා ගැනීමට තීරණය කර ඇති බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා පවසයි.

එම සිසුන් විශ්වවිද්‍යාලයට පැමිණීමට පෙර තමන් තෝරාගත් විෂයට අනුව මාස හතරක සමාජ සේවා කටයුත්තක නිරත විය යුතු බවත්, ඒ සඳහා නව වැඩපිලිවෙළක් සැලසුම් කර ඇති බවද ඔහු සඳහන් කළේය.

එමෙන්ම, මෙරට විශ්විද්‍යාලවල මානව ශාස්ත්‍ර අංශයේ ප්‍රතිසංස්කරණ රැසක් නුදුරේදීම සිදු කිරීමට සැළසුම් කර ඇති බවත්, විශ්වවිද්‍යාලවල පරිපාලන ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා උපකුලපතිවරයාට අමතරව නියෝජ්‍ය උපකුලපතිවරුන් පත් කිරීමට සැළසුම් කර ඇති බවද ඔහු එහිදී පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ පිළිබඳ කියා සිටියේ, ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (15) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

BJP සබඳතා තරකර ගැනීමට ටිල්වින් සිල්වා දින පහක සංචාරයක් සඳහා ඉන්දියාවට

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඇතුළු...

කථානායක ජගත්ට එරෙහිව සජබයෙන් විශ්වාසභංගයක්

සටහන - රුවන් නෙළුගොල්ල කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විශ්වාසභංග...

නාමල්ගෙන් ප්‍රකාශයක් ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමෙන් වැලිකඩ බන්ධනාගාරයට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : දැනට රක්ෂිත බන්ධනාගාරගතව...

සිංහල සුභාවිත ගීතයට තිරය පිටුපස සිට පණ දුන් ආනන්ද ගනේගොඩයන් අභාවප්‍රාප්ත වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : සංගීතය යනු රටක...