දක්ෂිණ අධිවේගී මාර්ගය දෙපස කුරුඳු පැල සිටුවීමේ ව්‍යාපෘතිය ඇරඹේ

ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්පයකට ක්‍රියාත්මක කෙරෙන දක්ෂිණ අධිවේගී මාර්ගය දෙපස කුරුඳු පැල සිටුවීමේ ව්‍යාපෘතියේ නියමු වැඩසටහනක්‌ බෙලිඅත්ත අන්තර් හුවමාරුව ආශ්‍රිතව ආරම්භ විය. අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ඉල්ලීම පරිදි මෙම ව්‍යාපෘතියට අදාල සියළුම කුරුඳු පැල වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා විසින් සම්පුර්ණයෙන්ම නොමිලේ මාර්ග සංවර්ධන අධිකාරිය වෙත පරිත්‍යාග කර ඇත.

බෙලිඅත්ත අන්තර් හුවමාරු පරිශ්‍රය ආශ්‍රිතව සිදු කෙරුණු පැල සිටුවීමේ නියමු ව්‍යාපෘතියට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශයේ සහ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සහ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් පිරිසක් එක්ව සිටියහ.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විදුලි බිල්පත් සහන සඳහා රු. බි. 17.2ක අතිරේක ඇස්තමේන්තුවක් අද!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22 කොළඹ LNW : ඉදිරිපත් කෙරේ...

පුටින්ගේ පක්ෂයට රුසියානු පාර්ලිමේන්තුවේ දැවැන්ත බහුතර බලයක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 22: රුසියානු ජනාධිපති ව්ලැදිමීර්...

හූති ප්‍රහාර මැඩපැවැත්වීමට සෞදි අරාබියට බ්‍රිතාන්‍යයෙන් ආරක්ෂක හමුදා සහාය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 22: යේමනයේ හූති සටන්කාමීන්ගෙන්...

පාස්කු ප්‍රහාරයේ මහ නඩුවේ තීන්දුව අද. අධිකරණයට විශේෂ ආරක්ෂාවක්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ ප්‍රධාන නඩුවේ තීන්දුව අද...