කොළඹ වරාය නගරයට ඇතුල්වීමට නව වීසා වර්ගයක්!

Date:

කොළඹ වරාය නගරයට ඇතුල් වීම සඳහා නව වීසා වර්ගයක් හඳුන්වා දී තිබේ.

කොළඹ වරාය නගරයේ ස්ථාපිත කිරීමට නියමිත ජාත්‍යන්තර නාවුක,මූල්‍ය,තොරතුරු තාක්ෂණය,සංචාරක වැනි විවිධ සේවාවන් සැපයීමට පැමිණෙන ආයෝජකයින්ට සහ අනෙකුත් අදාළ පාර්ශව වෙත වීසා නිකුත් කිරීම සහ ඊට අදාළ කාර්යයන් ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් සිදුකෙරෙන බවයි අද (20) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ.

කොළඹ වරාය නගරයේ කොමිෂන් සභාවේ නිර්දේශ මත පදනම්ව වීසා කාණ්ඩ 3ක් යටතේ එම වීසා නිකුත් කිරීමට කැබිනට අනුමැතිය ලබා දී ඇති බව අමාත්‍යවරයා සඳහන් කරන ලදී.

ඒ අනුව ආයෝජකයින්ට ආයෝජන කාණ්ඩය යටතේත්, එම ව්‍යාපෘතිවල සේවය කරන සේවා නියුක්තිකයින් වෙනුවෙන් සේවා නියුක්ති වීසාත්, බදු පදනම මත වාසය කරන නේවාසිකයින් සඳහාත් යන ලෙස වීසා නිකුත් කෙරෙනු ඇති.

සංචාරක,ආරක්ෂක සහ ක්‍රීඩා ක්ෂේත්‍රයට අදාළ තවත් භාණ්ඩ වර්ග 10 ක ආනයන සීමා ඉවත් කිරීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්ත්‍රී පුරුෂභාවය හා දේශගුණ විපර්යාසවලදී යුක්තිය ජාත්‍යන්තර සමුළුව ඇමති පන්නිලගේ ප්‍රධානත්වයෙන්!

කොළඹ LNW:නවෝත්පාදන සමාජ සංවර්ධනය උදෙසා පදනම (FISD) මගින් සංවිධානය...

ඉහළම දක්ෂතා සමඟ පරාජය වීමේ හේතුව….?

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 11, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ මාල...

අත්අඩංගුවට ගත් UDA හිටපු ලොක්කෝ දෙන්නා ඇප මත නිදහස්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට...

කමාන්ඩෝ සලින්තට T56 උණ්ඩ විකිණු හමුදා නිලධාරියෙක් අත්අඩංගුවට!

කොළඹ LNW: පසුගියදා ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන එන...