සෞඛ්‍ය සේවයේ ඇති ගැටලුවලට මුහුණදීමේ හැකියාවක් ජනතාවට නෑ – ජාතික ජන බලවේගයේ ලේකම්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉතිහාසය තුළ අතිශයින්ම බරපතළ කරුණු රැසක් නිර්මාණය වී සෞඛ්‍ය සේවා කාර්යමණ්ඩල විශාල ප්‍රමාණයක් රට හැරයමින් සිටින බවත් , ඖෂධවල ප්‍රමිතිය බාලවීම , ඖෂධ හිඟය , ඖෂධ මිල ඉහළයාම ඇතුළු කරුණු රැසක් බලපා ඇතිබවද සෞඛ්‍ය සේවයේ ඇතිවී තිබෙන මේ ගැටලුවලට මුහුණදීමේ හැකියාවක් ජනතාවට නොමැති බවත් ජාතික ජන බලවේගයේ ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා පෙන්වා දෙයි.

ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ,

” අපේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ඇතිවී තිබෙන බරපතළ අර්බුදකාරී තත්වය පිළිබඳව නැවත සාකච්ඡා කරන්න සිදුවී තිබෙනවා. මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉතිහාසය තුළ අතිශයින්ම බරපතළ කරුණු රැසක් නිර්මාණය වී සෞඛ්‍ය සේවා කාර්යමණ්ඩල විශාල ප්‍රමාණයක් රට හැරයමින් සිටිනවා. ඖෂධවල ප්‍රමිතිය බාලවීම, ඖෂධ හිඟය, ඖෂධ මිල ඉහළයාම ඇතුළු කරුණු රැසක් බලපා තිබෙනවා.

සෞඛ්‍ය සේවයේ ඇතිවී තිබෙන මේ ගැටලුවලට මුහුණදීමේ හැකියාවක් ජනතාවට නැහැ. ප්‍රමිතියෙන් තොර ඖෂධ සෞඛ්‍ය සේවයට ලබාදීම ඉතාමත් බරපතළම කරුණක්. මේ අතරින් ඉමියුනොග්ලොබියුලීන් ඖෂධය සම්බන්ධයෙන් විශේෂයෙන් රටේ අවධානය යොමුවී තිබෙන අතර, මෙම ඖෂධ 22,500ක් ඉවත් කර තිබෙනවා. ඉන්දියාවේ නිෂ්පාදිත බව සෞඛ්‍ය අමාත්‍යාංශයට පෙන්වා මෙරට තුළ නිෂ්පාදනය කර ඇති බව දැන් තහවුරුවී තිබෙනවා. මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තා.

මේ නිලධාරීන් ක්‍රියාත්මක කරන්නේ ඇමතිවරයා ඇතුළු ඉහළ දේශපාලන අධිකාරියේ නියෝග බව අපි කවුරුත් දන්නවා. ඔවුන්ගේ නියෝග ඉටුකිරීම නොව, අදාළ නීති රෙගුලාසි සහ හෘදයසාක්ෂියට එකඟව පමණක් නිලධාරීන් ක්‍රියාකළ යුතු වෙනවා. නමුත් ඉහළින් එන දේශපාලනය නියෝග පැකිළීමකින් තොරව ක්‍රියාත්මක කිරීම නිසා ඔවුන් නීතිය හමුවේ වැරදිකරුවන් වෙනවා. මේ සම්බන්ධයෙන් සවිස්තරව මහජනතාව දැනුවත් කිරීමට ඉදිරියේදී අපි කටයුතු කරනවා” ලෙස පැවසුවේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා අවුරුදු 17 න් පහළ කණ්ඩායමක් බංගලාදේශයට

නිශ්මං රණසිංහ නොවැම්බර් 19, කොළඹ LNW: මෑත කාලීනව බංගලාදේශ යොවුන්...

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයෙන් නිවේදනයක්: හසීනාගේ මරණ දඬුවමට ප්‍රතිචාර

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දීය විදේශ කටයුතු...

ඒ කණ්ඩායමේ දඟරය ජාතික කණ්ඩායමට

නිශ්මං රණසිංහ නොවැම්බර් 19, කොළඹ LNW: ජාත්‍යන්තර වශයෙන් විවිධ රටවල...

සෞදි කුමරුගේ ධවල මන්දිර සංචාරයේදී කෂෝගි ඝාතනය ප්‍රශ්න කරණ විට කුමරු කිසිවක් දැන නොසිටි බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : සෞදියේ ඔටුන්න...