*
Wednesday, May 1, 2024
spot_img

Latest Posts

ජනපති රනිල් නිර්පාක්ෂික අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන බව රවී කියයි!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): එක්සත් ජාතික පක්ෂය ඇතුළු අනෙක් පක්ෂ එකතු වී රට සංවර්ධනාත්මක ගමනකට ගෙන යන බවත්, 2024 වසරේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිර්පාක්ෂික අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන බව හිටපු අමාත්‍ය රවි කරුණානායක මහතා කියා සිටී.

ඒ මහතා ඒ පිළිබඳ පැවසූවේ මෙවන් අදහසක්,

“එක්සත් ජාතික පක්ෂය ඇතුළු අනෙක් පක්ෂ එකතුවෙලා මේ රට සංවර්ධනාත්මක ගමනකට ගෙනියන්නේ. ඒ වගේම රටේ ලේසි ගමනක් නෙමෙයි යන්නේ. අඳුරු ගමනක්. එසේ වුවත් යම් විදියේ ඉදිරි දැක්මක් සහිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙමින් යනවා. ජනතාවට සම්පූර්ණයෙන්ම සහාය ලැබිලා නැති වුණාට තිබුණ ආගාධයෙන් ගොඩ ඇවිල්ලා මේක සුරක්ෂිත කරලා ඉදිරියට කටයුතු කරන එක තමා අපිට පේන්න තියෙන්නේ. 2024 ජනතාවටත් රටට සුබදායි වසරක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.”

ඔහු පෙන්වා දෙන්නේ සියලු දේශපාලන පක්ෂ එක්ව රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරිම කාලීන අවශ්‍යතාවක් බවය.

“ජනාධිපතිවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ නිර්පාක්ෂික දේශපාලන ජනාධිපතිවරයෙක් වශයෙන් කටයුතු කිරීම අනිවාර්යෙන්ම වෙනවා. සියලු පක්ෂවල එකතුවක් වශයෙන් තමා මේක කරන්නේ. නොයෙක් අය තරග කරන්න කැමතියි. නමුත් අමාරු අවස්ථාවක රටක අරාජිකත්වයට නායකත්වය දෙන එවැනි ස්වරූප තියෙන පුද්ගලයින් බොහෝම සීමිතයි.”

ලෙස හෙතෙම කියා සිටියේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan