පාසල් සිසුන්ගේ පොත් බෑග් පරීක්ෂාවට පාසල් කමිටුවක් …

Date:

අමාත්‍යාංශය සඳහන් කළේ, අදාළ කමිටුව ගුරුවරුන්, ශිෂ්‍ය නායකයින් සහ පාසල් සංවර්ධන සමිති නියෝජිතයින්ගෙන් සමන්විය යුතු බවය.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති විශේෂ රැස්වීමකදී ඒ මෙම තීරණයට එළැඹ තිබේ.

ළමුන් අතර මත්ද්‍රව්‍ය උවදුර ව්‍යාප්තිය පාලනයට ගතයුතු පියවර සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා, අමාත්‍යාංශයේ නිලධාරීන් සහ අදාළ අනෙකුත් ආයතනවල නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් එම සාකච්ඡාව පැවැත්විය.

එහිදී මත්ද්‍රව්‍ය භාවිත කළ අය හඳුනා ගැනීම සහ ඔවුන් සම්බන්ධව ගත යුතු ක්‍රියා මාර්ග පිළිබඳව ගුරුවරුන් දැනුවත් කිරීම සඳහා විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් අඛණ්ඩව පැවැත්වීමටත්, පාසල් පරිසරය සිසුන්ට ප්‍රියජනක පරිසරයක් ලෙස පවත්වාගෙන යාමටත් පියවර ගත යුතු බවටත් සාකච්ඡා වී තිබේ.

අමාත්‍යාංශය පැවසුවේ, මේ වනවිටත් නිකුත් කර ඇති 2020.07.29 දිනැති 20/2020 අංක දරණ අධ්‍යාපන ආයතන පරිශ්‍රයන් දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන, මධ්‍යසාර සහ අනෙකුත් මත්ද්‍රව්‍ය භාවිතය ප්‍රවර්ධනය සහ වෙළෙඳාමෙන් තොර කලාපයක් බවට පත් කිරීම උදෘතයෙන් යුතු චක්‍රලේඛය විදුහල්පතිවරුන් වෙත නැවත යොමු කිරීමේ අවශ්‍යතාවය ද එහිදී පෙන්වා දුන් බවයි.

පාසල්, කලාප සහ පළාත් මට්ටමින් මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු පිහිටුවා සුදුසු ක්‍රමවේද මගින් මත්ද්‍රව්‍ය පාසල් පරිශ්‍රවලින් තුරන් කිරීමට අවශ්‍ය පියවර ගැනීම සම්බන්ධව ද එහිදී අවධානය යොමු වී තිබේ.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නෝ වර්ක්, නෝ ප්‍රොබ්ලම්. ලෙස් වර්ක්, ලෙස් ප්‍රොබ්ලම්. මෝර් වර්ක්, මෝර් ප්‍රොබ්ලම් – ඇමති හඳුන්

ගතවූ 2025 වසර යනු තමන්ටත් තම නියෝජ්‍ය අමාත්‍යවරයාත් වැඩියෙන්...

ජීවන වියදම් ඉහළ යාමට එරෙහිව ඉරානයේ විරෝධතා අතරතුර හයදෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 02: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ඉරානයේ...

6 ශ්‍රේණිය මොඩියුල අවුල : NIE අධ්යක්ෂ ජනරාල්වරිය තාවකාලිකව ඉල්ලා අස්වෙයි

ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ...

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ...