හොදම දේ දරුවන්ටලු. ඒක ඇත්ත ද? (VIDEO)

හොඳම දේ දරුවන්ට යැයි කියමනක් ඇතත් දරුවන්ට ලැබෙන්නේ හොඳම දේ දැයි අවංකව කල්පනා කර බලන්නයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

පෝෂදායී ආහාර වේලක් නැති දරුවන්,අධ්‍යාපනයට අවශ්‍ය මෙවලම් ටික ලබාගන්නට නොහැකි දරුවන් සිටින රටක, හොඳම දේ දරුවන්ට යන ප්‍රකාශය අසත්‍යක් බව ද ඒ මහතා පැවැසීය. ලෝකයේ පිළිබඳ දැන උගත් දක්ෂයින් අපේ රටේ සිටින බව පැවසූ විපක්ෂ නායකතුමා, ඔවුන්ගෙන් රට ගොඩනැගීම උදෙසා අවශ්‍ය ශක්තිය ලබාගත යුතු බවද පැවසීය.

රටක ජීවනාලියවන් දරු පරපුර දැනුම, කුසලතාවය මෙන්ම පහසුකම් වලින්ද පරිපූර්ණ කිරීම වගකීමක් බව විශ්වාස කරමින් ඒ උදෙසා වූ තිරසර අරමුණ පෙරදැරිව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක සක්වල වැඩසටහනට සමගාමීව 46 වන බස් රථය ලෙස රුපියල් පනස් ලක්ෂයක් වටිනා (රු. 5,000,000.00) බස් රථයක් මැදවච්චිය අ/මෛත්‍රීපාල සේනානායක මධ්‍ය මහා විද්‍යාලයට ඊයේ (20) පරිත්‍යාග කරනු ලැබීය.

හුදෙක් කයිවාරු ගැසීමෙන් පමණක් දේශප්‍රේමය හෝ දේශාභිමානය ගොඩ නැංවිය නොහැකි බව පැවසූ විපක්ෂ නායකතුමා,සත්‍ය වශයෙන් ම කළ යුත්තේ #SriLankaFirst සංකල්පය ඔස්සේ රට ගොඩනැගීම බවද පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාගොඩ වෙඩි තැබීමේ ප්‍රධාන වෙඩික්කරු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 11, කොළඹ LNW : කළුතර, නාගොඩ ප්‍රදේශයේදී...

ඇමරිකාව ජාත්‍යන්තර අපරාධ අධිකරණයට(ICC) එරෙහිව නව සම්බාධක පනවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 10: ජාත්‍යන්තර අපරාධ...

ඥානසාර හිමිගේ සිර දඬුවම සම්බන්ධ කටයුතු කෙරුණු ආකාරය ගැන රනිල්ගෙන් ප්‍රකාශයක්

පසුගිය යහපාලන රජය සමයේදී ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට සිර...

බන්ධනාගාර රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීමට පත් කළ විශේෂ කමිටුව රැස්වෙයි!

කොළඹ LNW:ත්‍රෛනිකායික මහා සංඝරත්නය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක...