යන්න එපා ! මං හරි යාළුයි !!

මැණික් ජයසේකර, බොහෝ ගීත ප්‍රමාණයක් ගායනා නොකළ නමුත් ගැයූ ඒවා නිසා ම සිංහල ගායන ක්ෂේත්‍රයේ නොමැකෙන නමක් තැබුව ගායිකාවක්.

ගී විකාශන මාධ්‍ය ප්‍රමාණයෙන් අඩු ගුවන්විදුලිය අධිගෘහිත වෙලා තිබුණ කාලෙක ඇගේ ගීත ප්‍රචාරය වුණා. 80 දසකයෙ රූපවාහිනියේ වැඩසටහන්වලත් ඈ ගී ගැයුවා මම හිතන විදිහට.

අමරසිරි පීරිස් එක්ක “ස්නේහයේ නගරය” ගීය ගයන්නෙ මැණික්. “සල් සමන් සුගන්ධිනී” ගීතයත් සදාකාලික රසයක් ජනනය කරන එකක්. මේ ගී දෙකම පමණට ඇගැයුම් නොලද ගී පද රචකයෙක් වෙන හේමසිරි ගුණතුංගගෙ.

“බිඟු රෑන” ගීතය මැණික්ගෙ ගායන ලකුණ සටහන් කරන ගීතය කියලා කිව්වොත් නිවැරදි. හිතේ ගැඹුරට කාවදින නාසික්‍ය – හඬින් අයැදුමක සේයාවක් ගේන “බිඟු රෑන” ගීය ලියන්නෙත් හේමසිරි ගුණතුංග. ස්වර මුසු කරන්නෙ අමරසිරි පීරිස්. තත්කාලීන ප්‍රේම ජීවිතයක හැඩ-රුව සංවේදනය කරන ගීයක් ඒක.. ගීය ගැයෙන කාලෙ සමාජ සංස්කෘතික වටපිටාවත් – අකාලික ප්‍රේම වියෝග වේදනාවත් කැටි වෙලා දැනෙනවා. දරුවෙකුගෙ මුවට නැංවෙන වදනක් විදිහට වෙන තැනක සටහන් වුණා නම් පේන ” යන්න එපා මං හරි යාළුයි” කියන පද පෙළ සමස්ත ගීතයෙ ම සාරය වගේ. බිළිඳු මුවකින් කිරි පියයුර උදුරා ගන්නවා වගේ ප්‍රේමය යළි උදුරාගෙන යන්න එපා කියා කරන ඉල්ලීමක්.. ලියතඹරාවක කෝල කතාවක බැඳෙන්නෙපා කියනා මන්ද්‍ර විලාපයක්!

යන්න එපා මං හරි යාළුයි!

බිඟු රෑන වගේ මල් යායට
පහන වගේ හැන්දෑවට
නුඹ නැති දා මගෙ හිත පාලුයි
යන්න එපා මං හරි යාළුයි

බිංදු බිංදු පිනි වැටුණත්
උඳුපියලිය නිල්ල පුරා
මේ පිපෙන්නෙ කඳුළුයි දෑසේ
පුංචි පුංචි පෙති සැළුණත්
සුළං නොවෙයි මල් සැළුවේ
හදේ සුසුම් සුළඟයි රහසේ

ලියතඹරා මල වේදෝ
සුවඳ දිගේ සිත යාදෝ
සුවඳ ගලයි ආල නුරාවේ
බැන්ද සිනා මුතු මාලේ
ලන්ද මැදින් යන වේලේ
බැඳෙන්නෙපා කෝල කතාවේ

~ සඳුන් ප්‍රියංකර විතානගේ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අත්‍යවශ්‍ය ඖෂධ ගැන – සෞඛ්‍ය අමාත්‍යගෙන් හෙළිදරව්වක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : දිවයිනේ අත්‍යවශ්‍ය ඖෂධ...

වසර මිලියන 500 කට පෙර පැවැති පෘථිවිය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකාවෙන් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාවට යටින්...

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි!

කොළඹ LNW:2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට්...