ජනධිපති ට්‍රම්ප් ග්‍රීන්ලන්තය අත්පත්කර ගැනීමට සැරසේ

Date:

සටහන: සශිකලා මධුෂාණි

දෙසැම්බර් 23: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් ග්‍රීන්ලන්තය අත්පත්කර කරගැනීමට තමන්ට අවශ්‍ය බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.

ජනාධිපති ට්‍රම්ප් විසින් ග්‍රීන්ලන්තයට නව නියෝජිතයකු වන ලුසියානා හි රිපබ්ලිකන් ආණ්ඩුකාර ජෙෆ් ලැන්ඩ්‍රි පතකිරීමත් සමඟ ඊයේ(22)දිනයේදී මාධ්‍ය වෙත මෙම අදහස් ප්‍රකාශ කර තිබිණි.

ඩෙන්මාර්ක රාජධානියේ අර්ධ ස්වයං පාලන කොටසක් වන ග්‍රීන්ලන්තය වෙනුවෙන් මෙලෙස ප්‍රකාශ නිකුත්කිරීම ඩෙන්මාර්කයේ කෝපයට පත් කර ඇති අතර, කෝපන්හේගන්, ජනාධිපති ට්‍රම්ප්ගේ අදහස පැහැදිලි කිරීමක් සඳහා එක්සත් ජනපද තානාපතිවරයා කැඳවා තිබේ.

ජනාධිපති ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ග්‍රීන්ලන්ත අගමැති ජෙන්ස්-ෆ්‍රෙඩ්රික් නීල්සන් ප්‍රකාශ කර තිබුණේ, විශේෂ නියෝජිතයෙකු පත් කිරීම අපට කිසිවක් වෙනස් නොකරයි. අපි අපේම අනාගතය තීරණය කරමු. ග්‍රීන්ලන්තය ග්‍රීන්ලන්ත වැසියන්ට අයත් වන අතර භෞමික අඛණ්ඩතාවයට ගරු කළ යුතු බවයි.

57,000 ක් පමණ ජනතාවක් වෙසෙන ග්‍රීන්ලන්තය 1979 සිට පුළුල් ස්වයං පාලනයක් පවත්වාගෙන ගියද, ආරක්ෂක සහ විදේශ ප්‍රතිපත්තිය ඩෙන්මාර්ක යටතේ පාලනය වන අතර ජනාධිපති ට්‍රම්ප් සිය පළමු ජනාධිපති ධුර කාලය තුළ ඛනිජ සම්පත් බහුල ග්‍රීන්ලන්තය මිලදී ගැනීමට උත්සාහ කර තිබිණි. ජනධිපති ට්‍රම්ප් මේවන විට වෙනිසියුලාව කෙරෙහි ඔහුගේ මිලිටරි ආක්‍රමණත් සමඟ ඔහුගේ මෑත කාලීන ජාතික ආරක්ෂක උපාය මාර්ගය බටහිර අර්ධගෝලය කෙරෙහි වැඩි පාලනයක් දියත් කිරීමට උත්සහ කරන බව පෙනේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 40කට පසු යළි ගොඩනැගෙන පරන්තන් රසායනික කම්හල!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පරන්තන් රසායනික කර්මාන්තශාලාව වසර 40කට පසුව නැවත...

ආරක්ෂණවාදයෙන් වළකින්නැයි චීනය යුරෝපා සංගමයෙන් ඉල්ලයි!

කොළඹ LNW:වාර්තාවලට අනුව, යුරෝපා සංගම් කොමිසම පසුගියදා(20) සයිබර් ආරක්ෂණ...

ලෝකයේ ඇති නානාප්‍රකාර වර්ණයන් පසෙකලා පැවැති කළු-සුදු ඡායාරූපකරණය!

සටහන – පුලී ජනවාරි 22, කොළඹ (LNW):  අපේ ලෝකය දීප්තිමත්...

ස්වර්ණ ජයන්තිය අවර්ණ කිරීම

නිශ්මං රණසිංහ ජනවාරි 22, කොළඹ LNW: කුමන හෝ ක්‍රියාවලියකදී ස්වර්ණ...