සීෂෙල්ස්-ඕමාන රට රැකියා ජාවාරම් කළ ඒජන්සිය මුද්‍රා තබයි!

සීෂෙල්ස් රාජ්‍යයේ රැකියාවක් සඳහා ස්වයං මාර්ගයෙන් විදේශ ගතවන බවට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී සංචාරක වීසා මගින් ඕමානයේ ගෘහ සේවයට කාන්තාවක් විදේශ ගතකිරීමට උත්සහ කළ ඒජන්සි ආයතනයක හිමිකාරිය විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය අත්අඩංගුවට ගත් බව එම කාර්යංශය පවසයි.

මෙම සිද්ධිය පිළිබඳ අවධානය යොමු කළ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අදාල ඒජන්සි ආයතන බලපත්‍රය අවලංගු කරන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති මහේන්ද්‍ර කුමාරසිංහ මහතාට දැනුම් දී ඇති බව ද එම කාර්යංශය සඳහන් කරයි.

කාන්තාවක් විදේශගත වීම සඳහා ගුවන්තොටුපලට ගිය අවස්ථාවේදී විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගුවන් තොටුපල ඒකකයේ නිලධාරීන් ඇයගේ ලියාපදිංචිය පරික්ෂා කිරීමේදී ඇය සතුව තිබී සීෂෙල්ස් රාජ්‍යයට නිකුත් කළ රැකියා වීසා පතක් සහ ඕමාන් රාජ්‍යයට නිකුත්කළ සංචාරක වීසා පතක් හමුවූ බවත් ඇයගෙන් ප්‍රශ්න කිරීමේදී ඒජන්සි ආයතනයක් මැදිහත්වී ලේඛන සකස්කර ඒජන්සි ආයතනය වගකීමෙන් බැහැරවී මෙම කාන්තාව පුද්ගලිකව ගෙන්වාගත් වීසාපතකින් ලියාපදිංචි වන ආකාරයට පෙන්වා ඇති බවත් විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.

අදාල කාන්තාව සංචාරක වීසාපතකින් ඕමානයට යෑමට සැලසුම් කර තිබී ඇතැයි අනාවරණය වීමෙන් පසුවවිදේශ ගතවීම වලකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශණ නිලධාරීන් වෙත යොමු කළ බවත් සිද්ධියට අදාළ ඒජන්සි හිමිකාරිය අත්අඩංගුවට ගෙන මිගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැරී බවත් එම කාර්යංශය කියයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

CNN, MS NOW සහ Politico ට්‍රම්ප්ගේ ධවල මන්දිර තහනමට එරෙහිව නඩු පවරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 22: අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

ක්‍රිකට් කීඩාවේ වත්මන!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : තේරී පත් වූ...

සුරක්ෂිත, ක්‍රමවත් සහ විධිමත් සංක්‍රමණය සඳහා වූ ගෝලීය සම්මුතියේ 2026-2028 සැලැස්ම එළිදක්වයි!

කොළඹ LNW:සුරක්ෂිත, ක්‍රමවත් සහ විධිමත් සංක්‍රමණය සඳහා වූ ගෝලීය...

විදුලි බිල්පත් සහන සඳහා රු. බි. 17.2ක අතිරේක ඇස්තමේන්තුවක් අද!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22 කොළඹ LNW : ඉදිරිපත් කෙරේ...