*
Saturday, July 6, 2024
spot_img

Latest Posts

බලශක්තිය අර්බුදයෙන්, යුරෝපය ගිනි ගනී…

ශ්‍රී ලංකාව ද ඇතුළුව දකුණු ආසියානු කළාපයේ බොහෝ රටවලද බලශක්ති අර්බුදයක් නිර්මාණවී ඇති පසුබිමක ලෝකය හසුරුවන ආර්ථික බලවතුන් ලෙස සැලකෙන යුරෝපය මේ වන විට බලශක්ති අර්බුදය අසීරුතම අවධිය ගත කරමින් සිටී.

විචාරකයන්ට අනුව එළැඹෙන වසරේ දී අර්බුදය වඩාත් නරක අතට හැරීමට ඉඩ ඇත. සමස්ත ලෝකයම විකල්ප බලශක්ති ජනන අතිරේක ක්‍රමවේද, සොයා යා යුත්තේ එබැවිනි. යුරෝපයේ ශීත සෘතුව එළඹීමත් සමගම උතුරු අර්ධ ගෝලීය රටවල මේ වන විට පවතින්නේ ඉතාමත් ශුෂ්ක තත්වයකි.

ඒ අතරේ විදුලි බලශක්ති අර්බුදයක් වූ ඇතිවීම යනු ඔවුන්ගේ ජීවිත වඩාත්ම දුක්ඛදායී තත්වයට පත්වීමකි. යුරෝපය පුරා බලශක්ති අර්බුදයක් ඇති වීමට තුඩු දී ඇති කරුණු රාශියක් දැක්විය හැකිය. කෝවිඩ් 19 හේතුවෙන් පැනවූ සීමාවන් ක්‍රමානුකූලව ඉවත් කරමින් ආර්ථිකය යළිත් පණ ගැන්වීමේ ක්‍රියාදාමය තුළ බලශක්ති ඉල්ලුම ශීඝ්‍රයෙන් ඉහළ යාම මෙතෙක් නොවූ විරූ අර්බුදයක් බවට පත්ව තිබේ.

ඛණිජ තෙල් අපනයනය කරනු ලබන රටවල් “ඔපෙක්” (Organization of Petroleum Exporting Country) වැනි සංවිධාන තමන්ගේ බලශක්ති වැඩි කිරීම පිළිබඳව මෙතෙක් කටයුතු කර නොතිබීම හේතුවෙන් බලශක්ති අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට ප්‍රමාණවත් සැපයුම් වෙළදළට නොලැබීම අර්බුදය ඉහළ යාමට හේතුවී ඇත.

රුසියාව හා යුක්රේන දෙරට අතර පවතින භූ දේශපාලනයේ අර්බුදයද යුරෝපයේ බලශක්ති අර්බුදය වැඩි කිරීමට හේතු වී ඇත. රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්රේනය සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරන ප්‍රතිපත්තිමය ක්‍රියාදාමය යුරෝපාකරයේ බලශක්තිය කෙරෙහි තදින්ම බලපානු ලබන්නේ යුක්රේනය විශාල ලෙස ගෑස් නිෂ්පාදනය කරන රටක් වීම හේතුවෙනි.

රුසියාව බෝල්ටික් මුහුද හරහා ජර්මනියට ගෑස් ප්‍රවාහනය කිරීමට ඉදි කරන ලද නල මාර්ග පද්ධතිය වොෂින්ටනයේ බලපෑම මත මේ වන විට අකර්මණ්‍ය තත්වයේ පවතී. ජර්මනියේ ඇන්ජලා මර්කල්ගෙන් පසු බලයට පත්වූ නව රජය, වොෂින්ටනයට වඩාත් පක්ෂපාතීව කටයුතු කරන පසුබිමක් නිර්මාණය වී පවතී.

ගෑස් නල පද්ධතිය යළිත් සක්‍රීය කිරීමට මෙම දෙපාර්ශවය කටයුතු නොකළහොත් ඉදිරියේදී යුරෝපයට තදින්ම බලශක්තිය අර්බුදයේ විපාක වලට විපාකවලට මුහුණ දීමට සිදුවනු ඇත. උද්ගතව ඇති අලුත්ම තත්වය තුළ ව්ලැදිමීර් පුටින් ජනාධිපතිවරයා සිය බල පරාක්‍රමය ජර්මනිය දෙසට විහිදුවන්නේ කෙසේදැයි පූර්ව කථනය කළ නොහැකිය.

නව ජර්මානු රජය නම්‍යශීලී ප්‍රතිපත්තියකින් යුතුව රුසියාව හා ගනුදෙනු කිරීමට අපොහොසත් වුවහොත් යුරෝපයට අත්විඳින්නට සිදුවන අවදානම වැඩිය. සමස්ත යුරෝපීය කළාප්පයටම බලපා ඇති බලශක්තිය අර්බුදය වඩාත් නරක අතට හැරීමත් සමගම එක්සත් රාජධානිය තුළ මේ වන විට ගෑස් මිල වාර්තා සහගත ලෙස ඉහළ යාමට පටන් ගෙන ඇත.

කොරෝනා වසංගතයක් සමගම එකිනෙකට පැටලී දම්වැලක් සේ ලෝකය පුරා විහිදී යන සමාජ ආර්ථික අර්බුද අතරේ යුරෝපීයට බලපා ඇති බලශක්ති අර්බුදය ලෝකයේ සෙසු රටවල ද සෘජු සහ වක්‍ර ආකාරයෙන් බලපෑම් එල්ල කරනු ඇත.

  • තිරුවණී විජේසිංහ – Facebook
    Sponsored Article

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan