නේපාලයේදී තිදෙනෙකුගේ බලාපොරොත්තු සුන් වෙයි – සෙනුක් ප්‍රධාන තරග සටහනට සුදුසුකම් ලබයි

සටහන – නිශ්මං රණසිංහ
දෙසැම්බර් 24 ,(LNW)කොළඹ :

නේපාලයේ පැවත්වෙන නේපාල විවෘත ජාත්‍යන්තර බැඩ්මින්ටන් සූරතාවලිය නියෝජනය කරන ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකුට බලාපොරොත්තු සුන් කර ගන්නට ඊයේ දිනයේදී සිඳු වුණා.ප්‍රධාන තරග සටහනට ඇතුළත් වීමේ අදහසෙන් සුදුසුකම් ලැබීමේ වටයේ තරග කළ තිළිණ රාජකරුණා සහ ආශිංෂන හේරත් පරාජය ලැබුවා.එසේම කාන්තා කේවල තරග සඳහා ඉදිරිපත් වූ රහ්මි මුදල්ගේ ද පරාජයට පත් වුණා.මේ තිදෙනාම පරාජයට පත් වුණේ ඉන්දීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතින්.


සේ අතර ප්‍රධාන තරග සටහනට ඇතුළත් වීමේ අදහසෙන් සුදුසුකම් ලැබීමේ වටයේ තරග කළ සෙනුක් සමරරත්න තමන් සහභාගි වූ තරගය ජය ගෙන ප්‍රධාන තරග සටහනට උසස් වීමට සමත් වුණා.ඔහු විසින් නේපාලයේ සුනිල් ජෝශි ලකුණු 21 – 18 සහ 21-8 ක් ලෙස විනාඩි 26 ක් කාලයක් ගත කර පරාජය කරන්නට සමත් වුණා.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විමල් වීරවංශට වරෙන්තු!

කොළඹ LNW:හිටපු ඇමතිවරයෙක් වන ජාතික නිදහස් පෙරමුණේ නායක විමල්...

ආර්ථික හා වෙළඳ ප්‍රශ්න සම්බන්ධයෙන් චීනය හා ඇමරිකාව අතර සාකච්ඡා!

කොළඹ LNW:චීන-ඇමරිකා ආර්ථික හා වෙළඳ කණ්ඩායම් අතර සාකච්ඡාවක් ඊයේ(20)...

චෝදනා 23000 ඉක්මවා එල්ල වූ පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2019 පාස්කු ඉරු දින කතෝලික දේවස්ථාන,...

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන කිහිපයක් එකෙනෙක ගැටී අනතුරක්: පිරිසක් රෝහලේ

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දක්ෂිණ අධිවේගී මාර්ගයේ...