මේ ලෝකේ මනුෂ්‍යයකුගේ වටිනාකම රඳා පවතින්නේ ධනය බලය සහ පුළුවන්කාරකම මත නොවේ – කාදිනල් හිමිපාණන්

Date:

ජේසුස් වහන්සේ ධනයට, බලයට පවතින කෑදරකම හේතුවෙන් මිනිසුන් විඳින දුක තේරුම් ගත් අයෙකු බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසති.

කොළඹ අගරදගුරු පදවියේ ප්‍රධාන දේව මෙහෙය අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පන්නිපිටිය ක්‍රිස්තුරාජ දේවස්ථානයේ දී පැවැත්විය.

එහිදී අදහස් දැක්වමින් උන්වහන්සේ මෙලෙස ද පැවසූහ.

“මේ ලෝකේ මනුෂ්‍යයෙකුගේ වටිනාකම රඳා පවතින්නේ ධනය බලය සහ පුළුවන්කාරකම මත නොවේ. නත්තල, මනුෂ්‍යයන්ගේ උත්තරීතරකම ගැන කියන්නේ අමුතුම පණිවිඩයක්. දෙවියන්වහන්සේ එවැනි තත්ත්වයක ඉපදුනේ මේ ධනය බලය සහ තමන් මේ එකතුකරගන්නා දේ තුළ වැදගත්කම කීර්තිය රඳා පවතින්නේ නැති බව පෙන්වන්නටයි. ධනය කාවන් කා දමනවා. ස්වර්ගයේ වස්තුව රැස්කර ගන්න කියලා කිව්වා උන්වහන්සේ එක අවස්ථාව. උන්වහන්සේ කිව්වා ධනය නිසා මිනිසුන් නොමිනිසුන් වෙනවා කියලා. ධනවතෙකුට දේව රාජ්‍යයකට ඇතුළු වීම ඔටුවෙකුට ඉඳිකටු තුඩකින් යාමටත් වඩා දුෂ්කර බව උන්වහන්සේ ප්‍රකාශ කළා. උන්වහන්සේ මේ ධනයට බලයට තියෙන කෑදරකම නිසා මිනිසුන් විඳින දුක තේරුම් ගත්තා. තේරුම් අරගෙන එය ප්‍රතික්ෂේප කරලා සෑබෑ නිදහස අත්විඳින්නට කියන දේ උන්වහන්සේ අපෙන් ඉල්ලා සිටියා. මේ කෑදරකම මේ තන්හාව මෙයින් නිදහස්වීම වැදගත් කියන එක උන්වහන්සේ පෙන්වා දුන්නා. යදම් බිඳ දැමීමේ මාර්ගය පිළිබඳ පණිවිඩය මෙලොවට ලැබීමේ පළමු මොහ‍ොත මේ උපතයි.”

එමෙන්ම නත්තල් පණිවිඩයක් යොමු කරමින් අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කළේ මෙවර නත්තල දිළිදුන් සමග සැමරිය යුතු බවයි.

නත්තල් දිනය වෙනුවෙන් පණිවිඩයක් යොමු කරමින් අස්ගිරි පාර්ශවයේ මහා ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි සඳහන් කළේ අනෙකුත් ජනයාට උපකාර කරමින් නත්තල් දිනය සැමරිය යුතු බවය.

මේ අතර, වෑවල ශාන්ත ෆ්‍රැන්සිස් සේවියර් දේවස්ථානයේ දී දෙරණ මාධ්‍ය ජාලය අනුග්‍රහයෙන් නත්තල් දේව මෙහෙය සිදුකෙරුණි.

ඊයේ (24) මධ්‍යම රාත්‍රී ලොව පුරා ප්‍රධාන දේව මෙහෙයන් පැවැත්වුණි.

වතිකානුවේ දී ප්‍රධාන නත්තල් දේව මෙහෙය පැවැත්වුණේ ශුද්ධෝත්තම ෆැන්සිස් පාප් වහන්සේ ගේ ප්‍රධානත්වයෙනි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලිස්බන් හි දුම්රියක් පිලි පැනීම හේතුවෙන් 15 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පෘතුගාලයේ ලිස්බන්හි...

පාතාලයින් වමාරද්දී දේශපාලනඥයින් හොඳටම බයවෙලා. සමහරු පන්සල් යනවා, සමහරු දේවාල ගානේ යනවා ?

වත්මන් රජය විසින් ගෙනයන පාතාල මර්දන මෙහෙයුමේදී අත් අඩංගුවට...

හල්ලොලුවගේ වාහනයට වෙඩිතැබීම : නීතීඥයකු අත් අඩංගුවට ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල්වරයා...

තිස්සමහාරාම පොලීසියේ කැබ් රථය උස්සලා ?

තිස්සමහාරම පොලීසියේ ජංගම පොලිස් කැබ් රථය ඊයේ (03) රාත්‍රියේ...