හරීන් අතේ ආ රන්ජන්ගේ නත්තල් සුබ පැතුම !

Date:

මගේ හිතාදර මිත්‍රයා, දයාබර සටන් සගයා රංජන් රාමනායක බලන්නට අද මම වැලිකඩ සිර ගෙදරට ගියා. මොනතරම් දුෂ්කර කටුක අත්දැකීමක් වුණත් ඒ අත්දැකීමට මුහුණ දෙමින් ඉතාමත් ධෛර්ය සම්පන්න ලෙස රන්ජන් ඉන්න බව මේ මොහොතේ මතක් කළ යුතුමයි. වචනයකින් සිදු වූ වරදක් බරපතල දඬුවමක් ලෙස විඳිමින් රන්ජන් සිරගතව ඉන්නවා.

මේ රටේ මෑත ඉතිහාසය කම්පා කරපු පාස්කු ප්‍රහාරයේ චූදිතයින් නිදැල්ලේ ඉන්නකොට, මේ රටේ ජීවත්වන අහිංසක මනුස්සයගෙ සීනි ටිකෙන් පවා කෝටි ප්‍රකෝටි ගණන් වංචා කරපු වංචාකාරයෝ නිදැල්ලේ ඉන්නකොට,අහිංසක ගොවියට පොහොර වෙනුවට අසූචි ගෙනත් ඒ අසූචිවලටත් කෝටි ප්‍රකෝටි ගණන් වන්දි ගෙවන්න තීන්දු කරපු අය නිදැල්ලේ ඉන්නකොට, රන්ජන් වචනයකින් වෙච්චි වැරැද්දකට හිරගෙදර ඇතුලේ වන්දි ගෙවනවා.

අද උතුම් නත්තල් දවස. සාමයේ පණිවිඩය ප්‍රේමයේ වචනවලින් ලෝකයට රැගෙන ආව ශාස්තෘවරයෙකුගේ උපන්දිනය දවස.

ඇත්තටම රන්ජන් මගෙන් අද ඉල්ලීමක් කලා. රන්ජන් සියලු කිතු බැතිමතුන්ටත්, ලංකාවේ සියලුම ජනතාවටත් සුභ නත්තලක් ප්‍රාර්ථනා කළා.

දෙවැන්න, ඔහුට උසස් අධ්‍යාපනය ලබාගැනීමට අවශ්‍ය බවත් ඒ වෙනුවෙන් අවශ්‍ය ඉඩකඩ තමන් අපේක්ෂාවෙන් ඉන්න බවත් රංජන් සංවේදීව සඳහන් කළා.

ඔහුගේ නිදහස වෙනුවෙන් අරගල කරන සියලු දෙනාට වගේම නිහඬව මේ වෙනුවෙන් සහය දෙන සියලු දෙනාටත් තමන්ගේ කෘතවේදීත්වය පුද කරන බව රංජන් ප්‍රකාශ කළා.

ඇත්තටම රන්ජන්ගෙ නිදහස වෙනුවෙන් අපි 2022 අවුරුද්ද වඩාත් අරගලකාරී ලෙස වෙන් කරනවා. ඒ මගේ පොරොන්දුව. එ්වගේම රංජන් නිදහස් වුනොත්, මගේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය රංජන්ට පරිත්‍යාග කරන්නත් මම දෙපාරක් නොහිතන බව රංජන්ට පොරොන්දු වුණා.

“යහපත් මිනිසා තම සිතෙහි නිදන් කළ යහපත් දෙයද, අයහපත් මිනිසා තම සිතෙහි නිදන් කළ අයහපත් දෙයද වපුරන බව” බයිබලයේ සඳහන්‍ වෙනවා.

අපි මේ රටේ සියලුම සාධාරණත්වය අගයන ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

“විනිසුරු” කියන වචනයට රන්ජන් අවුරුදු හතරක සිර දඬුවමකට ලක් වෙලා. ඒ “මහ වරදට” ඔහුට මෙතරම් සිර දඬුවම් දීම සාධාරණද? ඔබ හෘද සාක්ෂියට එකඟව හිතලා බලන්න.

මේ උතුම් නත්තල් දවසේ මම දෙවියන් වහන්සේ ගෙන් ඉල්ලීමක් කරනවා.

“දෙවියන් වහන්ස, මොවුන් නොදැන කළ කරන වරදට සමාව දෙන සේක්වා !”

  • හරීන් ප්‍රනාන්දු

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඌව පළාතේ අ.පො.ස උසස් පෙළ විශිෂ්ටයන් ඇගයූ ජනාධිපති අරමුදල!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW : ජනාධිපති අරමුදලෙන් ක්‍රියාත්මක...

ග්‍රාමීය මාර්ග වැඩිදියුණු කිරීම සඳහා ADB වෙතින් ඇ.ඩො.මි. 90 ක ණයක්..

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW : රට පුරා ග්‍රාමීය...

මහාමාර්ග අංශයේ ප්‍රමුඛ පෙළේ ගොඩනැගිලි කොන්ත්‍රාත්කරුවන් 4ක් ප්‍රථම වරට අසාදු ලේඛනයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW : මහාමාර්ග අංශයේ ප්‍රමුඛ...

රට තුළ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීමේ අරමුණින් නව වැඩක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW : රට තුළ මත්ද්‍රව්‍ය...