අධිකරණ ඇමතිට වෙලා තියෙන්නේ කොහොල්ලෑ බබාට වෙච්චි වැඩේ – අජිත්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා තමන්ගේ නමට ඉදිරියෙන් ආචාර්ය පදවිය සටහන් වීම තුළින් තමන්ට අපහාසයක් සිදුවූ බව කියමින් පාර්ලිමේන්තු වෙබ් අඩවිය භාර නිලධාරීන්ට එරෙහිව රහස් පොලීසියට පැමිණිලි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහු රටෙන්ම සමාව ගතයුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පවසයි.

“අධිකරණ ඇමතිතුමාට වෙලා තියෙන්නේ අර කොහොල්ලෑ බබාට වෙච්චි දේ. ගහන ගහන තැන ඇලෙනවා. අධිකරණ ඇමතිතුමාට ආචාර්ය පදවිය ආරූඬ කරලා තියෙන්නෙ ජනතා විමුක්ති පෙරමුණෙන් නැත්නම් NPP එකෙන් පාලනය වෙන පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලයෙන්. දැන් එතුමා මහජනතාවගෙන් සමාව ගන්න. පාර්ලිමේන්තුවේ නිලධාරීන්ගෙන් කොන්දේසි විරහිතව සමාව ගන්න. රටෙන්ම සමාව ගන්න මේ විහිළුකාරී ද්වේෂසහගත හැසිරීම ගැන”

අජිත් පී. පෙරේරා මහතා මේ බව පැවසුවේ පෙරේදා (දෙසැම්බර් 24) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්ය සාධක බලකාය පත්කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල 'දිට්වා' සුළි කුණාටුවෙන් පසු ආපදා ප්‍රතිසාධනය,...

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 පමණ තරමක තද වැසි – නව වසරේ පළමු දවසේ කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 01) දිනයේදී නැගෙනහිර, මධ්‍යම,...