රසික ජයකොඩිට එරෙහිව ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නඩු මගට !

Date:

සමාජ මාධ්‍ය ක්‍රියාකාරික රසික ජයකොඩි මහතාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය පවසයි.

මීට හේතුවී ඇත්තේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයෙන් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ඉවත් කර ඇති බවට පසුගියදා පළවූ නිවේදනයකි.

ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයේ කැඳවුම්කරු වශයෙන් කටයුතු කළේ රසික ජයකොඩි මහතා ය.

නමුත් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (LDP) පවසන්නේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරය (LDM) යනු තම පක්ෂයට අනුබද්ධ සංවිධානයක් පමණක් බවත් එහි සමාජ මාධ්‍ය කළමනාකරු වශයෙන් පමණක් රසික ජයකොඩි මහතා ක්‍රියා කළ බවත් ය.

ඒ අනුව රසික ජයකොඩි සහ ඔහුගේ කණ්ඩායම ඔවුන්ගේ පුද්ගලික අභිමතාර්ථ වෙනුවෙන් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරය (LDM) අවභාවිතා කර ඇති අතර ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (LDP) පවසයි.

එම පක්ෂයේ ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසුවේ අදාළ සමාජ මාධ්‍ය කළමනාකාර තනතුර වෙනුවෙන් රසික ජයකොඩි මාසිකව රුපියල් 250,000 ක වැටුපක් ද එම පක්ෂයෙන් ලබාගෙන ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...