රජයේ කොවිඩ් සංඛ්‍යා ලේඛන බොරු – ජනතාව නොමග යනවා

Date:

කොවිඩ් වසංගත තත්වය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය දෛනිකව නිකුත් කරන සංඛ්‍යා ලේඛන කිසිසේත්ම පිළිගත නොහැකි බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා. සංඛ්‍යා ලේඛන මගින් ප්‍රකාශයට පත් කරන ප්‍රමාණයට වඩා සමාජය තුළ දෛනිකව ආසාදිතයන් හමුවන බවත්, එම තොරතුරු ජාතික සංඛ්‍යා ලේඛනවලට පැමිණීමේදී විකෘති වන තත්වයක් දක්නට ලැබෙන බවත් ඔහු පෙන්වා දෙනවා.

මේ ආකාරයෙන් වසංගත තත්වය පාලනය කිරීම අතිශය භයානක වියහැකි බවද ඔහු පවසනවා.

මෙම තත්වය මත වසංගතය පාලනය වී ඇති බවට සාවද්‍ය මතයක් ජනතාව තුළ ඇතිව තිබෙන බවත් එහි අහිතකර ප්‍රතිඵලයක් ලෙස ජනතාව නොසැලකිලිමත් ලෙස හා අනාරක්ෂිත ලෙස කටයුතු කිරීමට පෙළඹෙන බවත් උපුල් රෝහණ මහතා සඳහන් කරනවා.

පසුගිය දිනවලදී එම තත්වය රටපුරා දක්නට ලැබුණු බව පෙන්වා දෙන උපුල් රෝහණ මහතා පවසන්නේ ඒ හේතුවෙන් ඉදිරියේදී යළිත් අවාසනාවන්ත තත්වයක් උද්ගත විය හැකි බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවර පදික වේදිකාවල වෙළඳාමට නැවත කිසිසේත් අවසර දෙන්නේ නෑ – නගරාධිපති

ලෝක උරුම සංචාරක නගරයක් මෙන්ම පූජනීය නගරයක් වන මහනුවර...

මන්නාරම Hayleys Fentons සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් ජනපති අනුරගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ !

වසර 2050 වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය...

ඉරානය සිය ගුවන් අවකාශය වසා දමයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජාණ්ඩුවට එරෙහි...

දිට්වා ආපදාවෙන් 93%කට ජීවනෝපායට දැඩි බලපෑම්!

කොළඹ LNW:ආපදාවට ලක්වූ ප්‍රදේශවල 93%ක ජනතාව සිය ජීවනෝපායන්ට බලපෑම්...