අනතුරට ලක් වූ ගුවන් යානය අයත් සමාගමට ගුවන් තහනමක් !

0
380

සකුරායි ඇවියේෂන් ලිමිටඩ් නමැති පෞද්ගලික සමාගමට අයත් ගුවන් යානයක් අද හදිසියේ මීගමුව කිඹුලාපිටිය ප්‍රදේශයට ගොඩබස්වා තිබිණි. ගොඩබැස්වීමේදී යානය අනතුරට ලක්ව ඇති අතර මේ නිසා ගුවන් යානයේ ගමන් කරමින් සිටි දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

කොග්ගල සිට ගුවන් ඇරඹූ මෙම ගුවන් යානය සංචාරයකයන් පිරිසක් සමග සීගිරිය බලා ගමන් කරමින් සිටියදී මෙසේ හදිසි ගොඩබෑමක් සිදුකර තිබේ. ඒ වනවිට ගුවන් යානයේ සිව් දෙනෙකු ගමන් කරමින් සිටි බවයි වාර්තා වන්නේ.

පසුගිය සතියේදීද මෙම සමාගමට අයත් ගුවන් යානයක් පයාගල ප්‍රදේශයට හදිසයේ ආරක්ෂිතව ගොඩබස්වා තිබිණි.

මෙම තත්වය මත සකුරායි ඇවියේෂන් ලිමිටඩ් ආයතනයට ගුවන් ගමන් තහනමක් පැනවීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව නැවත දැනුම් දෙනතුරු අදාල සමාගමට ගුවන් යානා මෙහෙයුම් කටයුතු අත්හිටුවීමට සිදුව තිබේ.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here