උතුරු කොරියාව හා රුසියාව අතර ‘ලේ’ බැඳීමක් ඇති බව කිම් ජොන් උන් කියයි

Date:

සටහන: සශිකලා මධුෂාණි

දෙසැම්බර් 27: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: උතුරු කොරියාව හා රුසියාව අතර ගැඹුරු ‘ලේ’ බැඳීමක් ඇති බවත්, යුක්රේන යුද්ධයේදී “ලේ, ජීවිතය සහ මරණය එකම භූමියක බෙදා ගැනීම හරහා රුසියාව සමඟ තම රටේ සබඳතා ශක්තිමත් වූ බවත්,උතුරු කොරියානු නායක කිම් ජොන් උන් මෙවර රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් වෙත ඊයේ(26) දිනයේදී යොමුකර ඇති අලුත් අවුරුදු පණිවිඩයේ සඳහන් කර තිබේ.

රුසියාවේ බටහිර කර්ස්ක් කලාපයේ උතුරු කොරියානු හමුදාව විසින් ඉටු කරන ලද වීරෝදාර භූමිකාව අගය කරමින් සහ දෙරට අතර අනභිභවනීය මිත්‍රත්වය පැහැදිලිව තහවුරු කරමින් ජනාධිපති පුටින් විසින් දෙසැම්බර් 18 වන දින උතුරු කොරියානු නායකයාට අලුත් අවුරුදු සුබ පැතුම් පිරිනැමීමෙන් පසුව කිම්ගේ පණිවිඩය නිකුත්කර තිබේ.

යුක්රේනයට එරෙහි රුසියාවේ හමුදා මෙහෙයුමට සහාය දැක්වීම සඳහා හමුදා යෙදවූ බවත්, එහි සොල්දාදුවන් සටනේදී මිය ගිය බවත් උතුරු කොරියාව අප්‍රේල් මාසයේදී නිල වශයෙන් තහවුරු කළ අතර කොරියානු රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය (KCNA) ජනාධිපති කිම්ගේ අදහස් දක්වමින් වැඩිදුරත් සඳහන් කර තිබුණේ, මොස්කව් සහ ප්යොංයැං අතර සබඳතා වර්තමාන යුගයේ පමණක් නොව පරම්පරාවෙන් පරම්පරාවට සදහටම ඉදිරියට ගෙන යා යුතු වටිනා සහෝදර සම්බන්ධතාවක් බවත්, දැන් කිසිවෙකුට දෙරටේ ජනතාව අතර සබඳතා සහ ඔවුන්ගේ එකමුතුකම බිඳ දැමිය නොහැකි බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

” මූල්‍ය ණය සහන ප්‍රදානය “ලෙසින් ව්‍යවසායකයින් දිරිමත් කිරීමේ නව වැඩපිළිවෙළක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW: නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය...

ශම්මිගේ ක්‍රිකට් ගැන අදහසක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 27, කොළඹ LNW: ආසියාවේ විස්සයි විස්ස සූරියන්...

අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද අද (27) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...

මූල්‍ය විනය, වෙළඳ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව IMF වෙත සහතික වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW : ජාත්‍යන්තර මූල්‍ය අරමුදල...