DP Coding School – පරිගණක භාෂා භාවිතය ඉගෙනීමෙන් ලැබෙන අමතර වාසි

Date:

අපි මීට පෙර ලිපියකින් මොකක්ද මේ DP Coding School කියන්නේ කියලා පැහැදිලි කළා. ඒ වගේම කෝඩින්, එහෙමත් නැත්නම් පරිගණක භාෂා භාවිතය ඉගැනීමෙන් අනාගතයේ විවෘත වෙන රැකියා අවස්ථා ගැනත් කතා කළා.

නැවතත් සිහිපත් කළොත් කෝඩින් ඉගෙනගෙන මූලික දැනුම ලබාගන්නා අයට ඉදිරියේදී Web Developer, Full-stack Web Developer, Software Application Developer, Computer Programmer, Data Scientist වැනි ක්ෂේත්‍ර ගණනාවක ඉහළ වැටුප් ලබන රැකියා සඳහා යොමුවෙන්න පුළුවන්.

බොහෝවිට පාසල් සිසු සිසුවියන්ගේ දෙමව්පියන්ට තියෙන ප්‍රශ්නයක් තමයි අනාගත රැකියා අවස්ථාවක් සඳහා යොමුවීම හැරුණුකොට මේ කෝඩින් ඉගෙනීමෙන් තමන්ගේ දරුවාට ලැබෙන වාසි මොනවාද කියන එක. ඉතින් ඒ ප්‍රශ්නයටත් පැහැදිලි පිළිතුරක් ලබාදෙන්න අපි හිතුවා.

කෝඩින් ඉගෙනීමෙන් පාසල් සිසුන්ට ලැබෙන ප්‍රතිලාභ

  1. පරිගණක වැඩසටහන්කරණය සිසුන්ගේ තාර්කික චින්තනය දියුණු කරයි.
  2. කෝඩින් ඉගෙනීමෙන් සිසුන්ගේ නිර්මාණශීලීත්වය වැඩි දියුණු වේ.
  3. සිසුන් කෝඩින් ඉගෙන ගන්නා විට ඔවුන්ගේ නොපසුබස්නා උත්සාහය වැඩි දියුණු වේ.
  4. සිසුන්ගේ ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය වේ.
  5. සිසුන්ගේ සන්නිවේදන හැකියාව වැඩි දියුණු වේ.
  6. කෝඩින් ඉගෙනීමෙන් සිසුන්ගේ ව්‍යුහාත්මක චින්තනය වැඩි දියුණු වේ.
  7. කෝඩින් ඉගෙනීමෙන් සිසුන්ගේ ගැටලු විසඳීමේ හැකියාව වැඩි දියුණු වේ.
  8. සිසුන්ගේ ගණිතමය හැකියාව වර්ධනය වීමට කෝඩින් උපකාරී වේ.
  9. සිසුන් තෘප්තිමත් වේ.
  10. කෝඩින් ඉගෙනීම මගින් සිසුන්ගේ ස්වයං අධ්‍යන හැකියාව වර්ධනය වේ.
  11. කෝඩින් ඉගෙනීමෙන් ඔබේ දරුවා අවසානයේ 21 වැනි සියවසට ඔබින, 4 වැනි කාර්මික විප්ලවයේ අභියෝග ජයගත හැකි පුද්ගලයෙකු මෙන්ම රටේ සංවර්ධනයට උපරිම ලෙස දායක වන පුද්ගලයෙකු ද වනු ඇත.

ඉහළ වැටුප් ලබන, ඩොලර්වලින් ඉපයීම් කළ හැකි රැකියාවකට අනාගතයේ ප්‍රවේශ වීමට මග විවර කරනවා මෙන්ම කෝඩින් ඉගෙනීම ඔබේ දරුවාගේ එදිනෙදා පාසල් අධ්‍යාපනයටත් ධනාත්මකව බලපාන ආකාරය ඔබට දැන් පැහැදිලි ඇති.

සිංහල භාෂාවෙන් නොමිලේම ජාත්‍යන්තර මට්ටමේ කෝඩින් පාඨමාලාවක් හැදෑරීම සඳහා අදම ඔබේ දරුවාත් dpcode.lk වෙබ් අඩවියට යොමු කරවන්න.

සබැඳි ලිපි –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාව නිදහස සමරණ දිනය අදයි

සටහන: සශිකලා මධුෂාණිජුලි 04; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදයේ...

ආහාර පාලන ගැසට්ටු ප්‍රමාදයෙන් මහජන සනීපාරක්ෂාව අනතුරේ – විශේෂඥ වෛද්‍ය චමල් සංජීව

▪️රෝහල් ආපනශාලා බෝ නොවන රෝග බෝ කරන මධ්‍යස්ථාන වෙලා.. දිවයින...

කථානායකට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW: කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අද...

ට්‍රම්ප්ගේ නව බදු පනතට කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය!

කොළඹ LNW:ගෝලීය ප්‍රජාවේ දැඩි අවදානයට ලක් වූ ඇමෙරිකා ජනාධිපති...