ලොව දිනූ දහම්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): වයස අවුරුදු 4-6 වයස් කාණ්ඩයේ , අමෙරිකාවේ නාසා ආයතනය විසින් සංවිධානය කරන ලද ජාත්‍යන්තර චිත්‍ර තරගයේ ලොව ප්‍රථම ස්ථානය දිනා ගැනීමට තිරප්පනේ මහානාම ප්‍රාථමික විද්‍යාලයේ 2 ශ්‍රේණියේ දහම් ලෝෂිත ප්‍රේමරත්න සමත්ව ඇත.

චිත්‍ර ඇදීමට උපන් හපන් දහම් ලෝෂිත විවිධ වූ ජාතික සහ ජාත්‍යන්තර තරගවලට සිය නිර්මාණ ඉදිරිපත් කර ඇති අතර, පසුව නාසා ආයතනය මගින් සංවිධාන කරන චිත්‍ර තරගාවලියට ඉදිරිපත් වී ඇත.

ඒ අනුව ”Living & Working in the Space – අභ්‍යාවකාශයේ ජීවත්වීම සහ වැඩ කිරීම” යන තේමාව යටතේ ඉදිරිපත් කළ මෙම චිත්‍රයට ලොව පළමු තැන හිමි වී ඇති බව වාර්තා වේ.

වැඩිදුරටත් සඳහන් වන්නේ , දහම්ගේ මෙම චිත්‍රය නාසා ආයතනයේ 2024 වසර සඳහා වන දින දර්ශනයේ ජුලි මාසය සඳහා ඇතුළත් කර ඇති බවයි .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලක්ෂ දහයෙ රත්තරන් තහඩුව ….

එකපාරටම කඩාපාත් වුන ගංවතුර ව්‍යසනයේ මහජන ආතතිය ආන්ඩුව පැත්තට...

ධම්මිකගේ LB ෆිනෑන්ස් පිලිපීනයටත් ව්‍යාප්ත වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල LB Finance PLC සිය කලාපීය සේවා...

අද (18) දවසේ තද වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන්...

මේ වසරේ සංචාරක පැමිණීම් ලක්ෂ 22 ඉක්මවයි !

සටහන - රුවන් නෙළුගොල්ල 2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ...