ආපදාවෙන් ධීවර කේෂ්ත්‍රයේ සිදු වූ හානිය තක්සේරු කිරීමට නව වැඩපිළිවෙලක්!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ LNW:

ආපදාවෙන් ධීවර කේෂ්ත්‍රයේ සිදු වූ හානිය තක්සේරු කිරීම සඳහා පංච පුද්ගල කමිටුවක් පත් කර ඇති අතර, එම තක්සේරුවෙන් අනතුරුව වන්දි ලබා දීමට කටයුතු කරන බව, ධීවර අමාත්‍යංශය පවසයි. ඒ අනුව, මේ වනවිට කරදිය යාත්‍රා 300කට අධික ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර තවත් යාත්‍රා 400 කට අධික සංඛ්‍යාවකට අර්ධ හානි සිදුව ඇති බව පැවසේ.

එම හානි වූ යාත්‍රා, ධීවර රක්ෂණ වන්දිය යටතේ සහ රජය විසින් හඳුන්වා දී ඇති අඩු පොලී ණය යෝජනා ක්‍රම යටතේ නැවත සකසා දීමට කටයුතු කරනු ඇත. තවද, ධීවර දැල් විනාශ වූ කරදිය ධීවරයින් 1,205 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂයක් දක්වා වවුචරයක් සහ  මිරිදිය ධීවරයින් 6,000කට ආසන්න පිරිසක් සඳහා රුපියල් 75,000ක ආධාරයක් ද ලබා දීමට නියමිත බව පැවසේ.

තවද, පැවති ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑම් එල්ල වූ වැව් 699 ක මත්ස්‍ය ගහනය වාර දෙකකින් නැවත ස්ථාපිත කිරීමට හා විසිතුරු මසුන් නිෂ්පාදකයින්ට නව මව් සතුන් ලබා දීමටත් ධීවර අමාත්‍යංශය පියවර ගෙන ඇති බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Trendy Thursday: 2026 සරත් සෘතුවේ NYFW විලාසිතා ආකරයේ හයිලයිට්ස්!

සටහන – පුලී පෙබරවාරි 12, LNW (කොළඹ): විලාසිතා ලොවේ අති උත්කර්ෂවත්...

ට්‍රම්ප්ගෙන් බිඳී, එක්සත් ජනපද මන්ත්‍රී මණ්ඩලය කැනඩාවේ තීරුබදු අවසන් කරන පනතක් සම්මත කිරීමට ඡන්දය දෙයි…

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): කැනඩාව මත පනවා...

ජනනි රනින්,බුද්ධික රිදියෙන් ලක්මව සරසයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ඩුබායි හී පැවත්වෙන ලෝක...