හෙට (29) සිට මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා මෙරටින් පිටත්වන ගුවන් මගීන්ට විශේෂ දැනුම්දීමක්!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ LNW:

මුදල් අමාත්‍යාංශය විසින් විශේෂ චක්‍රලේකයක් නිකුත් කර ඇත.

ඒ, මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා විදෙස්ගතවන ගුවන් මගීන්ගෙන් අය කෙරෙන අපගමන බද්ද ඉවත් කිරීම පිළිබඳවයි. ඒ අනුව හෙට (29) සිට මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා මෙරටින් පිටත්වන ගුවන් මගීන්ගෙන් අයකෙරෙන ඩොලර් 60ක අපගමන බද්ද අය නොකෙරනු ඇත. චක්‍රලේකයේ දැක්වෙන්නේ ලබන වසරේ ජුනි 26 වැනිදා දක්වා එය ක්‍රියාත්මක බවය. මෙම තීරණය ගෙන ඇත්තේ, මත්තල ගුවන්තොටුපළ වෙත ගුවන් සමාගම් සහ මගීන් ආකර්ශණය කර ගැනීම වෙනුවෙන් බව වැඩිදුරටත් වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එංගලන්තයත් එක්ක ලංකාව හැප්පෙන හැටි බලන්න ටිකට් ගන්න හැටි….

නිශ්මං රණසිංහ ජනවාරි 18, කොළඹ LNW: එළැඹෙන ජනවාරි 22 දා...

හදවත නිසලය… මතකය සසලය…

නන්දන ගුණතිලක සහෝදරය අද (18) හිමිදිරියේ අප වෙතින් නික්ම...

අලව්වේදී තරුණයෙක් වෙඩි තබා ඝාතනය කරලා !

සටහන - රුවන් නෙළුගොල්ල අලව්ව, මොරවලපිටිය, ගොඩාකූරුව ප්‍රදේශයේදී ඊයේ (17)...

ඩෙන්මාර්කය පුරා ඇති වීදි ලාම්පු රතු පාට වෙන්නට හේතුව කුමක් වේද? 

සටහන – පුලී ජනවාරි 18, කොළඹ (LNW): රට තොට විස්තර...