*
Friday, April 26, 2024
spot_img

Latest Posts

හොංකොං අවසාන ප්‍රජතන්ත්‍රවාදී ප්‍රකාශනයත් අවසන් කෙරේ

හොංකොං හි අවසාන වශයෙන් ඉතිරි වී තිබු ප්‍රජාතන්ත්‍රවාදය නියෝජනය කල මාධ්‍ය ආයතනයක් වන ස්ටෑන්ඩ් නිවුස් ආයතය පොලිසිය විසින් වටලනු ලැබීමෙන් පසු එහි ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩලය අත්අඩංගුවට ගන්නට විය.

ආයතනය නිලවශයෙන් වසා දමා තිබේ.”ද්‍රෝහී ප්‍රකාශන ප්‍රකාශයට පත් කිරීමට කුමන්ත්‍රණය කිරීම” සම්බන්ධයෙන් හොංකොං පොලිසිය විසින් සේවකයින් හත් දෙනෙකු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.ආයතනය වැටලීමට පොලිස් නිලධාරීන් 200කට වැඩි පිරිසක් යොදවා ඇත.හොංකොං පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ “කුමන්ත්‍රණකාරී මාධ්‍ය හදුනාගැනීමටත්, ඔවුන් අත්අඩංගුවට ගැනීමටත්” තමන්ට බලය ඇති බවයි.

ෆේස්බුක් හි සටහනක් තබමින්, ස්ටෑන්ඩ් නිවුස් ආයතනය පැවසුවේ තවදුරටත් තම වෙබ් අඩවිය යාවත්කාලීන නොකරන බවත් එහි සමාජ මාධ්‍ය අන්තර්ගතයන් දිනක් ඇතුළත ඉවත් කරන බවත්ය.මාධ්‍ය ආයාතනයෙන් පරිගණක සහ ලිපි ලේඛන රැසක් පොලිස් භාරයට ගෙන තිබේ.අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර, පිරිමි තිදෙනෙකු සහ කාන්තාවන් සිව් දෙනෙකු වේ.හොංකොං සහ චීන නායකත්වය දැඩි ලෙස විවේචනය කල Apple Daily පුවත්පත මේ වසර මුලදී, පොලිසිය විසින් වටලන්නට විය.

එම මාධ්‍ය ආයතනය වසර මුලදීවසා දමන්නට තීරණය කෙරිනි.එ සමග මේ වසරේ අවසාන ප්‍රජාතන්ත්‍රවාදී මාධ්‍ය ආයතනය වන Stand News මෙසේ වසා දැමීමට එරට බලධාරීන්සමත්විය.හොංකොංපාලනය චීන කඳවුරට ගැති වීමත් සමගින් එරට ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රකාශයනයන් හා පුරවැසියන් රැසක් මේවන විට පොලිස් අත් අඩංගුවට පත්ව ඇත. ශිෂ්‍ය ක්‍රියාකාරිකයින්,විපක්ෂ ද්ශපාන ක්‍රියාකාරිකයින්, මාධ්‍යවේදීන් ඇතුලු බොහෝ දෙනෙක් ඒ අතර,වේ. බටහිර රටවල් රැසක් මෙම තත්වය පිලිබඳව සිය දැඩි අප්‍රසාදය පලකර තිබේ.

Outbound Today – Sahan Hewagamage

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan