Tuesday, December 5, 2023
spot_img

Latest Posts

කාබනික පොල් වගාව පිළිබඳ විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් අම්පාරට

අම්පාර දිස්ත්‍රික්කයෙහි රණවිරු සංසදවල සාමාජිකයන් 50 ක් සඳහා, පොල් වගා කිරීමේ මණ්ඩලයෙහි අනුග්‍රහය මත පොල් වගාව පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ න්‍යායාත්මක සහ ප්‍රායෝගික පුහුණු වැඩමුළුවක් මහඔය පියාසර ගමෙහි කාබනික පොල්වගා ජනපදය තුලදී 2021 දෙසැම්බර් මස 29 වන බදාදා දිනය පුරා පවත්වන ලදී.

මෙම වැඩසටහන එදින දවස පුරා ප්‍රායෝගික සහ න්‍යායාත්මක කරුණු කෙරෙහි අවධානය යොමු කරමින් ඉතා සාර්ථක අන්දමින් පවත්වන ලදී.

මෙම වැඩසටහන සඳහා සහභාගි වූ රණවිරුවන් පනස් දෙනෙකු අතරේ බඳුන් පොල් පැළ සියයක් නොමිලේ බෙදා දීමද සිදු කෙරිණි.

රණවිරු සේවා අධිකාරියේ සභාපති, විශ්‍රාමික මේජර් ජෙනරල් නන්දන සේනාධීර මහතා විසින් සිදුකරන ලද විශේෂ ඉල්ලීමකට ක්ෂණික ප්‍රතිචාර දක්වමින් පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපතිනී,ආචාර්ය ඒ.වී.කේ. මාධවී හේරත් මහත්මිය විසින් මේ සඳහා අවශ්‍ය කඩිනම් පහසුකම් සපයනු ලැබීය.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img
spot_img

විශේෂාංග

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.