Friday, March 31, 2023
spot_img

Latest Posts

බංග්ලාදේශයේ කාන්තාවන්ට වෙනම මුහුදු තීරයක් – තීරණය පැය කිහිපයකින් රිවස් !

කාන්තාවන් සහ ළමුන් වෙනුවෙන් වෙනම මුහුදු තීරයක් වෙන් කිරීමට බංග්ලාදේශ රජය තීරණය කර තිබෙනවා. කාන්තා සංවිධාන රැසකින් ඉදිරිපත් වූ ඉල්ලීම් සලකා බලා වෙනම මුහුදු තීරයක් වෙන් කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව කොක්ස් බසාර් ප්‍රදේශයේ මීටර් 150 ක දිගකින් යුත් මුහුදු තීරයක් ඒ සඳහා තෝරාගෙන තිබිණි.

කෙසේ නමුත් මෙම තීරණය සම්බන්ධයෙන් බංග්ලාදේශ සමාජය තුළ දැඩි ආන්දෝලනයක් ඇති වූ අතර පාර්ශ්ව රැසකින් දැඩි විරෝධයක් එල්ල වී තිබෙනවා. ඇතැමුන් පවසා තිබෙන්නේ මෙවැනි තීරණ ගැනීම ඉස්ලාම් අන්තවාදය ප්‍රවර්ධනය කිරීමක් ලෙසයි. මේ නිසා මෙම තීරණය වහාම හකුලා ගන්නා ලෙස එරට රජයට බලපෑම් එල්ල විය.

එල්ල වූ බලපෑම් හමුවේ පැය කිහිපයක් තුළ සිය තීරණය ආපසු හරවා ගැනීමට බංග්ලාදේශ රජයට සිදුවිය.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.