පෙලේ වෙනුවෙන් දේව පුත්‍රයාත් පාට වෙනස් කරයි

Date:

ලොව පුරා පාපන්දු ප්‍රේමීන් සියවසේ ක්‍රීඩාවේ විශිෂ්ඨයා සේ සැළකෙන පෙලේගේ දිවිසැරිය නිමාව සමබන්ධයෙන් විවිධ ක්‍රියාකාරකම් හරහා සිය ශෝකය ප්‍රකාශ කරමින් සිටින බව වාර්තා වෙනවා.බ්‍රසීලරාජය පෙලේගේ සමුගැන්ම නිසා 2023 වසරේ ආරම්භක දිනයද ඇතුළත්වන ආකාරයට තෙදිනක ජාතික ශෝක දිනයක් ප්‍රකාශ කර තිබෙනවා.ඒ අතරම බ්‍රසීලයේ රියෝද ජැනෙයිරෝ හී පිහිටි ප්‍රකට ජේසුස් වහන්සේගේ පිළිමයක් වන Christ the Redeemer පිළිමය බ්‍රසීල වර්ණයෙන් සරසන්නට තීරණය කර තිබෙනවා.
උරගුවේ පිහිටි දකුණු ඇමෙරිකානු පාපන්දු සංගම් ගොඩනැඟිල්ල පෙලේගේ රුව ප්‍රදර්ශනය වන ආකාරයෙන් අලෝක ගන්වා තිබෙනවා.

පෙලේගේ පාපන්දු ප්‍රවේශය සිඳු වූ සන්ටෝස් ක්‍රීඩා සමාජය සහ පිටිය අවට, පෙලේ වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කරන්නන් විවිධ මාදිලියේ බැනර්,විදුලි තාක්ෂණය වැනි දේ භාවිතා කරමින් සිය ශෝකය සටහන් කරමින් සිටිනු දකින්නට ලැබෙනවා.

බ්‍රසීලයේ සෑම අස්සකම දකින්නට ලැබෙන්නේ ශෝකය රැඳි දෙනෙත්.නමුත් මේ තත්ත්වය බ්‍රසීලයට සීමා වී නැහැ.පාපන්දු ක්‍රීඩාව වෘත්තීය මට්ටමෙන් පවතින සෑම රටක්ම නගරයක්ම පාහේ නව තාක්ෂණික උපාංග හරහා සිය ගොඩනැඟිළිවල මේ දැවන්ත ක්‍රීඩකයාගේ රුව නිර්මාණය කරමින් ද,සමුගෙන ගිය බව සටහන් කරමින් සහ ශෝකය පළ කරමින් ද සිටිනවා.


අසල්වැසි ඉන්දියාව මෙම ශෝක ප්‍රකාශයේ දී ලෝක අවධානයට ලක්ව තිබෙන අතර ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ ප්‍රවෘත්තිවලින් ඉන්දීය පාපන්දු ක්‍රීඩාවේ සුපිරිතමයා වන බායිචන් භුතියා මෙන්ම සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් තේණ්ඩුල්කාර් පෙලේ වෙනුවෙන් යාඥා කරන බව සිය ශිර්ෂ පාඨ හරහා දක්වා තිබෙනවා.පෙලේ තෙවරක් ඉන්දියාවේ සංචාරය කර තිබෙන බව ද එහි සිඳහන් වෙනවා. මෙහි දැක්වෙන්නේ පෙලේ වෙනුවෙන්,ලෝකය ශෝක වන අවස්ථා කිහිපයක්.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජාතික පාරිසරික පනත සංශෝධනය කෙරේ!

රෂිකා හෙන්නායක ජනවාරි 05, කොළඹ LNW : අද (05) ජාතික...

විදේශ රැකියා සහ සංචාරක ක්ෂේත්‍රයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 11ක ආදායමක්!

රෂිකා හෙන්නායක ජනවාරි 05, කොළඹ LNW : 2025 වසරේදී, විදේශ...

හිටපු ඇමති ජොන්ස්ටන්ට අයත් ඉස්කාගාරයකට සීල් තියයි !

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් රෝයල් ඩිස්ටිලරීස් (වයඹ...

පොලීසිය නාවිකයන්ව දෙවන අර්ධයේ බින්දුවේ තබයි

නිශ්මං රණසිංහ ජනවාරි 05, කොළඹ LNW: මැලිබන් ජාතික රගර් සූරතාවලියේ...