බුත්තල ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් සහතික පත් ප්‍රදානෝත්වයට දැවැන්ත ජන සහභාගීත්වයක් !

මොණරාගල දිස්ත්‍රික්කයේ බුත්තල ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් ශාඛාවේ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් 2900 දෙනෙකුට සහතික පත් ප්‍රදානය කිරීමේ උත්සවය ඊයේ (03) බුත්තල යුදඟනාව රජමහා විහාරස්ථානයේදී ඩීපී එඩියුකේෂන් නිර්මාතෘ සහ සභාපති ධම්මික පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා දස ලක්ෂයක් බිහිකිරීමේ ඉලක්කය සහිතව ආරම්භ කර ඇති ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් වැඩසටහන තුළින් සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදෙන පරිගණක භාෂා පාඨාමාලාවේ වටිනාකම රුපියල් ලක්ෂ 25ක් වේ.

ඒ අනුව, බුත්තල ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් මගින් මෙම පාඨමාලාවේ විවිධ අදියරයන් සම්පූර්ණ කරමින් එදින සහතික පත් ලබාගත් සිසු සිසුවියන් සම්පූර්ණ කර ඇති අධ්‍යාපනයේ වටිනාකම රුපියල් කෝටි 200 කි.

මෙම උත්සව අවස්ථාවට මහා සංඝත්නය ඇතුළු 6000 ක පමණ විශාල ජනකායක් සහභාගී වී සිටි අතර මෑත යුගයේ මොණරාගල දිස්ත්‍රික්කය තුළ පැවැත්වුණු මෙවැනි දැවැන්තම රැස්වීම මෙය බවයි ප්‍රදේශවාසීන් සඳහන් කළේ.

මේත් සමඟම තොරතුරු තාක්ෂණ රැකියා ගමට ගෙනයාමේ අරමුණින් යුතුව ධම්මික පෙරේරා මහතා විසින් ආරම්භ කර ඇති ඩීපී සිලිකන් වැලී අයිටී ඔෆීස් සංකල්පය අනුව තොරතුරු තාක්ෂණ රැකියා මධ්‍යස්ථානයක් පිහිටුවීම ද බුත්තලදී ඊයේ සිදුකෙරිණි. තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා කරන අය සඳහා මෙවන් රැකියා මධ්‍යස්ථානයක් මොණරාගල දිස්ත්‍රික්කයේ පිහිටුවන ලද්දේ පළමුවරට ය.

මේ වනවිට ඩීපී සිලිකන් වැලී අයිටී ඔෆීස් මධ්‍යස්ථාන 8ක් දිවයිනේ විවිධ ප්‍රදේශවල ස්ථාපනය කර ඇති බව ධම්මික පෙරේරා මහතා එහිදී සඳහන් කළේය.

  1. තිස්සමහාරාම – උද්දකන්දර රජමහා විහාරය
  2. මාතර – ඌරුබොක්ක
  3. හම්බන්තොට – හාතගල
  4. තංගල්ල
  5. අම්පාර – මහමෙව්නා විහාරස්ථානය
  6. හඟුරන්කෙත – රිකිල්ලගස්කඩ
  7. නුවරඑළිය
  8. බුත්තල

යන ප්‍රදේශවල මෙම රැකියා මධ්‍යස්ථාන දැනටමත් විවෘත කර, ඒ ඒ ප්‍රදේශවල ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස්වල අධ්‍යාපනය ලබා සුදුසුකම් සම්පූර්ණ කරන ලද තරුණ තරුණියන්ට රැකියාවල නියැළීමට අවස්ථාව සලසා දී ඇති බව පැවසූ ධම්මික පෙරේරා මහතා ඉදිරියේදී මෙවන් රැකියා මධ්‍යස්ථාන දිවයින පුරා පිහිටුවීමට සැලසුම් කර ඇති බවත් පැවසීය.

කොළඹින් ඉතා දුරබැහැර බුත්තල ප්‍රදේශයේත් තොරතුරු තාක්ෂණය අධ්‍යාපනය සඳහා උනන්දුවක් දක්වන මෙවන් විශාල සිසු සිසුවියන් පිරිසකුත් මෙම දරු දැරියන්ට තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය ලබාදීම සඳහා කැපවුණු මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයින් සහ දෙමව්පියන් ඇතුළු පිරිසකුත් දැකගැනීමට හැකිවීම විශාල සතුටක් මෙන්ම රටේ අනාගතය සම්බන්ධයෙන් සුබවාදී බලාපොරොත්තු දල්වන්නක් බවත් ධම්මික පෙරේරා මහතා ඒ අවස්ථාවේදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...

ඕලුගලගේ තවත් සාර්ථක මෙහෙයුමක් : “මධුවා” ඇතුළු පිරිස අත්අඩංගුවට! 

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : රුපියල් කෝටි 500කට...

NPPයට ඩයස්පෝරාව අරමුදල් සැපයූවාද? කැබිනට් ප්‍රකාශකගෙන් පිළිතුරු

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ජාතික ජන බලවේගයට...