ලී ක්වාන් යූ මළා, මහතීර් මොහමඩ් ගෙදර ගියා, අපි එළියට වැටුණා – විමල් වීරවංශ

Date:

ගෝඨාභය රාජපක්ෂ මහතා ලී ක්වාන් යූ වගේ බවත්, මහින්ද රාජපක්ෂ මහතා මහතීර් මොහෙමඩ් වගේ බවත්, ඒ නිසා මහතීර් මොහමඩ් සහ ලී ක්වාන් යූ එකට එකතු වූ විට ගොඩනැගිය හැක්කේ කුමන වර්ගයේ රටක්දැයි අසමින් විමල් වීරවංශ මහතා පසුගිය ජනාධිපතිවරණයේදී පළකළ අදහස පිළිබඳව මෙරට බොහෝ ජනතාවගේ අවධානය යොමු වූ අතර විමල් වීරවංශ මහතා ඇමති ධුරයෙන් පහ කිරීමත් සමග අදාල ප්‍රකාශය යළිත් කරළියට පැමිණ තිබෙනවා.

විමල් වීරවංශ මහතා සමග සතිඅන්ත පුවත්පතක් පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී මේ පිළිබඳව වීරවංශ මහතාගෙන් විමසා තිබෙනවා.

ඊට ප්‍රතිචාර දක්වමින් වීරවංශ මහතා පවසා තිබෙන්නේ ලී ක්වාන් යූ මියගොස් ඇති බවයි. මහතීර් මොහමඩ් ගෙදර ගොස් ඇති බවත්, ආණ්ඩුවේ සියලු ගැටලුවලට හේතුව, පසුබෑම්වලට හේතුව ජනතාව බලාපොරොත්තු වූ ලී ක්වාන් යූ සහ මහතීර් මොහමඩ් නිෂ්ක්‍රීය වීම බවත් වීරවංශ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

එදා එම ප්‍රකාශය සිදුකළ තමා, එම ප්‍රකාශය යථාර්ථයක් කිරීම සඳහා ආණ්ඩුව තුළ සිටිමින් දැඩි සටනක් සිදුකළ බව පෙන්වා දෙන විමල් වීරවංශ මහතා පවසන්නේ අවසානයේදී එම සටනෙහි ප්‍රතිඵලයක් නිසා ආණ්ඩුවෙන් එළියට වැටීමට සිදු වූ බවයි. දැන් එළියේ සිට හෝ සටන් කිරීමට සූදානම් බවද ඔහු පවසනවා.

වත්මන් ආණ්ඩුවේ තිබෙන බරපතලම ගැටලුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අක්‍රිය වීම බවත්, මේ නිසා ජනතාව බලාපොරොත්තු නොවූ පුද්ගලයන් ආණ්ඩුව තුළට රිංගා ඉන්දියාවට හා ඇමරිකාවට අවශ්‍ය පරිදි රට ගෙනයන බවත් වීරවංශ මහතා සඳහන් කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බොරලැස්ගමුවේ වෙඩිතැබීමක්. තරුණයෙකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල බොරලැස්ගමුව, මාලනී බුලත්සිංහල මාවත ප්‍රදේශයේදී අද...

මර්දනයට ලෑස්ති වෙන්න එපා, අපේ ඉවසීමෙත් සීමාවක් තියෙනවා – නාමල් ආණ්ඩුවට කියයි

ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ටෙන්ඩර් සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව එල්ල...

රනිල්ව සිරගත කිරීම : රජයේ කිසිදු මැදිහත් වීමක් හෝ පළිගැනීමක් නෑ – ඇමති TB

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව රක්ෂිත...

GMOA දීපව්‍යාප්ත වැඩවර්ජනයකට දින නියම කරයි

සටහන - රුවන් නෙළුගොල්ල ඉල්ලීම් 4ක් මුල්කර ගනිමින් 2025 අගෝස්තු...