” මේ හැමෝම යන්නෙ පරණ ගමනම තමයි ” – ගුණපාල රත්නසේකර

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 04,, කොළඹ (LNW): සියලුම දෙනාම මේ රට වට්ටන්න දායක වුන අය බවත්, ඔහුන්ම විසදුම් හොයන්න නැවත වතාවක් බලය ඉල්ලන බවත් නිදහස ජනතා සභාව මාධ්‍ය සාකච්චාව පාර්ලිමේන්තු මන්ත්‍රී ජේෂ්ඨ කථිකාචාර්ය ගුණපාල රත්නසේකර මහතා පවසයි.

ඒ අනුව මෙම ක්‍රමය වෙනස් කල හැකි , අලුත් සංකල්ප ඉදිරිපත් කරන අය ගැන හිතන්න කියලා ජනතාවට ආරාධනා කරන බවත් ඔහු පවසයි.

ඒ මහතා තවදුරටත් පැවසූවේ,

විදුලි ගාස්තු මාස 3 කට සැරයක් වෙනස් විමක් කරනව කියලා උපයෝගිතා කොමිසම විදුලිබල මණ්ඩලය කියනවා, ජනවාරි 20 වෙනකොට විදුලි ගාස්තු අඩු කල යුතුයි තවම අඩු කරලා නෑ. වැඩි කරන්න හිතුනාම වැඩි කරනවා එවට හේතු නෑ. අඩු කරන්න තමයි හෙතු හොයන්නෙ.


දවස දවස පරක්කු කරනවා කියන්නෙ ඔහුන් සතු ලාබය වැඩ්වෙනවා. රජය ජනතාවගෙන් අයකරන ගානෙන් බාගයයි විදුලි බලමන්ඩලයේ වියදම් වලට යන්නෙ.


බිලියන 77 ක් ලාබයි එහෙම බැලුවාම , පෞද්ගලික සමාගමක්වත් මේ විදිහට ජනතාව හූරගෙන කන්නෙ නෑ. ඔක්තොම්බර් මාසේ විදුලි බිල වැඩි නොකලත් ලාබය බිලියන 51ක්. ලක්ශ 20 ම ඒකක 30 අඩුවෙන් පාවිච්චි කරන්නෙ.


මහජන උපයෝගිතා කොමිසමට අපි පැහැදිලිවම චොදනා කරනවා මේ මිල අඩු කිරිම පරක්කු කරන එකට
මේ මිල අඩු කිරිම ජනවාරි මාසේ ඉදන් බලපැවැත්වෙන් පරිදි ක්‍රියාත්මක කල යුතුයි. විදුලිය විසංදිකිරිම් ලක්ශ 10 ක් ඉක්මවලා…සෞඛ්‍ය අමාත්‍යවරයා හිරේ නැවත එයිද කියන්න දන්නෙ නෑ. විකුණන්න බලාගෙන ඉන්න අයතන අලාබ ලබන ආයතන බවට පත් කරන්න රජය උත්සහා කරනවා අනිත් පැත්තෙන් රජය පවත්වාගෙන යන රාජය සේවා විශාල ලාබ ලබන අයතන බවට පත් කරගනිමින් ඉන්නවා ජනතාව හූරා කමින්.


මේ සියලුම දෙනාම මේ රට වට්ටන්න දායක වුන අය ඔහුන්ම විසදුම් හොයන්න නැවත වතාවක් බලය ඉල්ලන්න හදනවා. මේ ක්‍රමය වෙනස් කල හැකි අලුත් සංකල්ප ඉදිරිපත් කරන අය ගැන හිතන්න කියලා ජනතාවට කියනවා.


මේ හැමෝම යන්නෙ පරන ගමනම තමයි ” ලෙස කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...

දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!

ආශික බ්‍රාහ්මණ කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක ඉක්මවා...