එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ට්‍රම්ප්ට මැතිවරණය තහනම් කළ කොලරාඩෝ තීරණය ඒකමතිකව නැවත හරවයි

Date:

සටහන: සශිකලා මධුෂාණි, මාර්තු 05,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : 2020 ජනාධිපතිවරණය යටපත් කිරීමේ උත්සාහයක් ලෙස 2021 ජනවාරි 6 වන දින එක්සත් ජනපද කැපිටල් වෙත එල්ල වූ ප්‍රහාරය උසිගැන්වීම සහ සහාය දුන් බවට චෝදනා මත එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි සංශෝධනය යටතේ කොලරාඩෝ හි ඉහළ උසාවියේ 2023 දෙසැම්බර් 19 වැනිදා ප්‍රාන්තයේ රිපබ්ලිකන් ප්‍රාථමික ඡන්ද පත්‍රිකාවෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නම ඉවත් කිරීමට ගත් උත්සාහය එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඒකමතිකව නැවත හරවා ඇති බව වාර්තා වේ.

14 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව, එක්සත් ජනපද රජයට විරුද්ධව කැරැල්ලක හෝ කැරැල්ලක නියැලී තිබේ නම්, ජනාධිපති ධූරය ද ඇතුළුව එක්සත් ජනපද නිලතල දැරීමෙන් වළක්වයි. නමුත්, 6-3 ගතානුගතික බහුතරයක් ඇති ශ්‍රේෂ්ඨාධිකරණය සඳුදා(04) ප්‍රකාශ කර තිබුණේ, ෆෙඩරල් කාර්යාල හිමියන්ට සහ අපේක්ෂකයින්ට එරෙහිව විධිවිධාන ක්‍රියාත්මක කළ හැක්කේ කොන්ග්‍රසයට පමණක් වන බවයි.

මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් කොලරාඩෝ රාජ්‍ය ලේකම් ජෙනා ග්‍රිස්වෝල්ඩ් පැවසුවේ, 14 වැනි සංශෝධනයේ කැරැල්ලේ වගන්තිය බලාත්මක කිරීමට එක්සත් ජනපද ප්‍රාන්තවලට ඇති හැකියාව ඉවත් කළ බව පැවසූ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව සම්බන්ධයෙන් තමන් කලකිරිමට පත් වූ බවයි.

ඩොනල්ඩ් ට්‍රම්ප් 2020 ඡන්ද ප්‍රතිඵල අවලංගු කිරීමට දරන උත්සාහය සම්බන්ධයෙන් වොෂින්ටන්, ඩීසී හි ෆෙඩරල් උසාවියේ සහ තවත් ජෝර්ජියාවේ ප්‍රාන්ත උසාවියක අපරාධ නඩු දෙකකට වෙන වෙනම මුහුණ දෙමින් සිටින අතර ඔහු කිසිදු චෝදනාවක් පිළිගෙන නොමැති අතර සිය මැතිවරණ ව්‍යාපාරය අඩාල කිරීමට ආණ්ඩුව දරන උත්සහයක් වශයෙන් පැමිණිලිකරුවන්ට චෝදනා කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයේ බිල්ලන්ට සොරිම තමයි. කන්ටේනර් සිද්ධිය ගැන ජනාධිපතිතුමා තීරණයක් ගනී – බිමල්

කොළඹ LNW:ආන්දෝලනයට තුඩු දුන් බහාලුම් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව...

“Squid Game- season 3” ත්‍රාසජනක ගේමෙහි අවසානය!

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW): ජුනි 27 වන...

හිටපු ආගමන විගමන පාලක වරද පිළිගනී. දඬුවම් නියම කිරීමට දින දෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය...

ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක්

මාසික ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනයක්...