අසාධාරණ විවේචන හෙලා දකිමු

Date:

ශ්‍රීලංකාව කෘෂිකාර්මික රටකි. එනම් කෘෂිකර්මයෙන් නැගී සිටි රටකි. ඉතිහාසයේ මේ රට සෞභාග්‍යයමත් වූයේ අතීතයේ හිටපු රජවරු කෘෂිකර්මාන්තය නගාසිටුවීමට කළ කැපවීම නිසයි . එම තත්ත්වය කාලයක් යනවිට නිසි සැලසුමක් නොමැතිව කඩා කප්පල් විය.

මේ රටේ එක් පස් පිඩැල්ලක ඕනෑම බව බෝගයක් ඵල දරන උරුමයක් ඇති නිසා , ක්‍රමවත් සැලසුමක් නොමැතිව වූවත් කෘෂිකර්මාන්තය රදා පැවතිණ. රසායනික පොහොර යොදා කෘෂිකර්මාන්තය ගොඩ නැගිණ. ඒත් කිසිදු ප්‍රතිපත්තියකට අනුව කිසිවක් ක්‍රියාත්මක නොවුණි. කෘෂි අමාත්‍යාංශය එක් තැනකය. දෙපාර්තමේන්තුව තව තැනකය. ගොවිජන සේවය තව තැනකය. වී අලෙවි මණ්ඩලය තව තැනකය.

ගොවියා මේ සියල්ල මැද අතරමංව සිටියා. නමුත් ජනපති ගෝඨාභයගේ සෞභාග්‍යයේ දැක්මේ ප්‍රධානම ඉලක්කය වූයේ කෘෂිකර්මාන්තයට අදාල සියලු ආයතන එකම ජාලයක් යටතට පත් කර ඔවුනොවුන් අතර සබඳතාව ශක්තිමත් කර ශක්තිමත් කෘෂිකර්ම පද්ධතියක් සමඟ රටට විශාල ආදායමක් ලබා ගැනීමට සහ පිට රටට ඇදෙන මුදල් නතර කර ගැනීමයි.

ඉතිහාසයේ ප්‍රථම වරට ජනාධිපති ගෝඨාභය ඒ කර්තව්‍යයත් ඉටු කළා. මෙය සුලු පටු එකක් නම් නොවේ. මේවායේ ප්‍රථිඵල භුක්ති විදින්නේ මේ රටේ ජනතාවයි.

රටේ නායකයකුගෙන් වන මේ යුතු කම් මහා පර්වතයක් සේ ශක්තිමත්ය. එසේ නම් මෙවැනි උතුම් කර්තව්‍යයන් රජය විවේචනය කරන්නන්ට නොපෙනෙන්නේ මන්දැයි ජනතාව ප්‍රශ්න කරති.

කුඩා අඩුපාඩු දැක විවේචනයට වඩා කළ මහා වැඩ කොටස අති මහත්ය. අප හුරු විය යුත්තේ එය දැකීමටය. මිනිසා සෑහීමකට පත් කිරීම කිසිදා කළ නොහැක. නමුත් අසාධාරණ බොරු විවේචන අභියස ජනතාව පෙළ ගැසෙනු ඇත. සැමදා ජනපති වෙනුවෙන් ඔවුන් සාධාරණය ඉටු කරනු ඇත.

රෂිකා සඳමාලි හෙන්නායක Facebook

Sponsored Article

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බල්තසාර්ගේ පළමු රැස්වීමට බාල්දියක් පෙරළෙයි!

කොළඹ LNW:නගරාධිපති පත්කර සභාවේ බලය පිහිටුවීමෙන් පසු කොළඹ මහ...

ජනවාර්ගික ගැටලුවට උඩින් පැනීම!

උපාලි කොළඹගේ කොළඹ LNW:අන් කවරදාකටත් වඩා සුළු ජාතික ගැටලුව පිළිබඳව...