කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට

Date:

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබේ.

ඒ අනුව එම යෝජනාව විවාදයට ගන්නා දිනය පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් ඉදිරියේදී තීරණය කිරීමට නියමිත ය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් 44 දෙනෙකුගේ අත්සනින් යුතුව මෙම විශ්වාසභංග යෝජනාව පසුගියදා පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා වෙත භාරදී තිබිණි.

ඔන්ලයින් පනත සම්මත කරගැනීමට කටයුතු කිරීමේදී කථානායකවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කඩකර ඇති බවට චෝදනා කරමින් මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කර ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුණාටුවෙන් බලපෑමක් නැහැ.නිෂ්පාදන හා සේවා ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වර්ධනයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකයට අනුව 2025 දෙසැම්බර් මාසයේ...

අපි දකින ලෝකය වත්මන් ආණ්ඩුව දකින ලෝකයට වඩා ගොඩක් වෙනස්: නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක ජනවාරි 19, කොළඹ LNW : රටක් ලෙස නවීකරණය...

මොඩියුල ප්‍රශ්නය – ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිවාර්ය නිවාඩු යවයි !

ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය දර්ශන සමරවීර...

කාබුල්හි පිපිරීමක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇෆ්ගනිස්ථානයේ කාබුල්හි සිදු...